යූදාගේ පුත්‍රයෝ:
පෙරෙස්, හෙස්රොන්, කර්මී, හූර් හා ෂෝබාල් ය.
ෂෝබාල්ගේ පුත් රෙයායා, යහත්ගේ පියා ය. යහත්, අහූමයිගේ හා ලාහද්ගේ පියා ය. සොරාතිවරුන්ගේ පෙළපත් ඔවුහු ය.
ඒටාම් පියා වූයේ මොවුන්ට ය:
යෙස්රෙයෙල්, ඉෂ්මා හා ඉද්බාෂ් ය. ඔවුන්ගේ සහෝදරියගේ නම හස්සෙලෙල්පෝනී ය. පෙනූවෙල්, ගෙදෝර්ගේ පියා ය. ඒසෙර්, හූෂාගේ පියා ය.
ඔවුහු එෆ්රාතාගේ කුලුඳුල් පුතා ද බෙත්ලෙහෙම්ගේ පියා ද වූ හූර්ගෙන් පැවත ආහ.
තෙකෝවාගේ පියා වන අෂ්හූර්ට හෙලෙයා හා නාරා නම් භාර්යාවන් දෙදෙනෙක් සිටියහ.
නාරා ඔහුට අහුස්සාම් ද හේෆෙර් ද තේමෙනි ද හා-අහෂ්තාරි ද බිහි කළා ය. ඔවුහු නාරාගේ පුත්‍රයෝ ය.
හෙලෙයාගේ පුත්‍රයෝ:
සෙරෙත්, සොහර්, එත්නාන් හා කෝස් ය. ඔහු ආනූබ්ගේ ද හස්-සොබේබාගේ ද හාරූම්ගේ පුත් අහර්හේල්ගේ පෙළපත්වල ද පියා ය.
යාබේස් තම සහෝදරයිනට වඩා ගරු කටයුතු කෙනෙක් විය. ඔහුගේ මව, “මම වේදනාවෙන් යුතු ව ඔහු බිහි කළෙමි” යි කියා, යාබේස් යන නම ඔහුට තැබුවා ය. යාබේස්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ඔබවහන්සේ මට ආශිර්වාද කර, මගේ දේශ සීමාව විශාල කරන සේක්වා! ඔබවහන්සේගේ හස්තය මා සමඟ වේවා! මට වේදනා නො පැමිණෙන පිණිස, උපද්‍රවයෙන් මා ආරක්ෂා කරන සේක්වා!” යි කී ය. දෙවියන්වහන්සේ ඔහුගේ අයැදුම ඉටු කළ සේක.
ෂූහාගේ සහෝදර කෙලූබ්, මෙහීර්ගේ පියා ය. ඔහු එෂ්තෝන්ගේ පියා ය. එෂ්තෝන්, බෙත්-රාෆා, පාසේයා හා ඊර්-නාහාෂ්ගේ පියා වූ තෙහින්නාගේ පියා ය. ඔවුහු රේකාහි මිනිස්සු ය.
කෙනස්ගේ පුත්‍රයෝ:
ඔත්නියෙල් හා සෙරායා ය.
ඔත්නියෙල්ගේ පුත්‍රයෝ:
හතත් හා මෙයෝනොතයි ය. මෙයෝනොතයි, ඔෆ්රාගේ පියා ය.
සෙරායා, ගේ-හරාෂීම්හි පියා වන යෝවාබ්ගේ පියා ය.
එය එසේ හැඳින්වූයේ එහි ජනයා නිපුණ ශිල්පීන් වූ බැවිනි.
යෙෆුන්නෙගේ පුත් කාලෙබ්ගේ පුත්‍රයෝ:
ඊරු, ඒලා හා නාම් ය.
ඒලාගේ පුත්‍රයා:
කෙනස් ය.
යෙහල්ලෙලෙල්ගේ පුත්‍රයෝ:
සීෆ්, සීෆා, තීරියා හා අසරේල් ය.
එස්රාගේ පුත්‍රයෝ:
යෙතෙර්, මෙරෙද්, ඒෆෙර් හා යාලොන් ය.
මෙරෙද්ගේ බිරියන්ගෙන් කෙනෙක් මිරියාම්, ෂම්මයි හා එෂ්තෙමොවාගේ පියා වූ ඉෂ්බා බිහි කළා ය.
ඔවුහු මෙරෙද් විවාහ කර ගත් පාරාවෝගේ දියණිය ද වූ බිතියාගේ දරුවෝ ය. ඔහුගේ යුදෙව් ගෝත්‍රික බිරිඳ, ගෙදෝර්ගේ පියා වන යෙරෙද් ද සෝකෝගේ පියා වන හෙබෙර් ද සානෝවාගේ පියා වන යෙකූතියෙල් ද බිහි කළා ය.
නහම්ගේ සොහොයුරියගේ හෙවත් හෝදීයාගේ බිරිඳගේ පුත්‍රයෝ:
ගර්මීය කෙයීලාගේ පියා හා මාකාතීය එෂ්තෙමොවා ය.
ෂීමොන්ගේ පුත්‍රයෝ:
අම්නෝන්, රින්නා, බෙන්-හානාන් හා තීලොන් ය.
ඉෂීගේ පුත්‍රයෝ:
සෝහේත් හා බෙන්-සෝහෙත් ය.
යූදාගේ පුත් ෂේලාගේ පුත්‍රයෝ:
ලේකාගේ පියා වූ ඒර් ද මාරේෂාගේ පියා වූ ලාදා ද බෙත්-අෂ්බෙයාහි හණ පිළි ශිල්පීය පෙළපත් ද
යෝකීම් ද කොසේබාහි මිනිසුන් ද මෝවබ්හි රජකම් කළ යෝවාෂ් හා සාරාෆ් ද යාෂුබි-ලෙහෙම් ද යන අයයි. මේ වාර්තා ඉපැරණි ය. නෙටායීම්හි ද ගෙදේරාහි ද වාසය කළ ඔවුහු කුඹල්කරුවෝ ය. ඔවුහු එහි රජු හා වාසය කරමින්, ඔහුට මෙහෙ කළෝ ය.
සිමියොන්ගේ පුත්‍රයෝ:
නෙමුවෙල්, යාමීන්, යාරිබ්, සෙරා හා ෂාවුල් ය.
ඔහුගේ පුත්‍රයා ෂල්ලූම් ය. ඔහුගේ පුත්‍රයා මිබ්සාම් ය. ඔහුගේ පුත්‍රයා මිෂ්මා ය.
මිෂ්මාගේ පුත්‍රයෝ:
ඔහුගේ පුත්‍රයා හම්මුවෙල් ය. ඔහුගේ පුත්‍රයා සක්කූර් ය. ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය.
ෂිමෙයිට පුතුන් දහසය දෙනෙක් හා දූවරුන් හයදෙනෙක් සිටියහ. එහෙත් ඔහුගේ සොහොයුරනට බොහෝ දරුවන් සිටියේ නැත; එබැවින් ඔවුන්ගේ මුළු පෙළපත යූදා ජනයා මෙන් ගණනින් බහුල නො වී ය. ඔවුන් වාසය කළේ බෙයර්ෂෙබා, මෝලාදා, හසර්-ෂූවාල්, බිල්හා, එසෙම්, තෝලද්, බෙතුවෙල්, හොර්මා, සික්ලග්, බෙත්-මර්කාබොත්, හසර්-සූසීම්, බෙත්-බිරී හා ෂාරයිම් යන නගරවල ය. දාවිත් රජ සමය තෙක් ඒවා ඔවුන්ගේ නගර ව පැවතිණි. ඔවුන්ගේ ගම්මාන වූයේ ඒටාම්, අයින්, රිම්මෝන්, තොකෙන් හා ආෂාන් යන නගර පහත්, බාල් දක්වා ඒ නගර වටා පිහිටි සියලු ගම්මානත් ය. ඒවා ඔවුන්ගේ වාස භූමි විය.
ඔවුහු පෙළපත් නාමාවලියක් පවත්වාගෙන ගියහ.
මෙෂෝබාබ්, යම්ලේක් හා
අමසියාගේ පුත් යෝෂා, යෝවෙල්,
අසීයෙල්ගේ පුත්‍ර, සෙරායාගේ පුත්‍ර, යෝෂිබියාගේ පුත්‍ර යේහූ,
එල්යෝවේනයි, යාකොබා, යෙෂෝහායා,
අසායා, අදීයෙල්, යෙසීමියෙල් හා බෙනායා,
ෂෙමායාගේ පුත්‍ර, ෂිම්රීගේ පුත්‍ර, යෙදායාගේ පුත්‍ර, අල්ලොන්ගේ පුත්‍ර, ෂිෆීගේ පුත්‍ර සීසා ද වේ.
ඉහත නම් සඳහන් අය තම පෙළපත්වල අධිපතීන් වූහ.
ඔවුන්ගේ පියවරුන්ගේ පෙළපත් බොහෝ සේ වැඩි වර්ධන විය. ඔවුහු තම එළු බැටළු රංචුවලට තණ බිම් සොයමින්, ගෙදෝර්හි පිවිසුම වෙතට, මිටියාවතේ නැගෙනහිර පැත්තට ගමන් කළහ. ඔවුනට සරු සාර, කදිම, තණ බිම් හමු විය. ඒ දේශය විශාල ය. සාමයෙන් යුතු ය. නිසංසල ය. මුලින් එහි වාසය කළේ හාම්වරුන් ය.
ඉහත නම් සඳහන් අය, යූදා රජු වූ හෙසකියාගේ දවස්වලදී පැමිණ, හාම්වරුන්ගේ වාස භූමිවලටත්, එහි සිටි මෙයූනිවරුන්ටත් පහර දී අද ද පෙනෙන්නට තිබෙන පරිදි ඔවුන් මුළුමනින් විනාශ කර, එහි පදිංචි වූහ. මන්ද ඔවුන්ගේ එළු බැටළු රංචුවලට එහි තණ බිම් තිබිණි. ඒ සිමියොන්වරුන්ගෙන් පන්සිය දෙනෙක් පෙලටියා, නෙයරියා, රෙෆායා හා උස්සියෙල් යන ඉෂීගේ පුත්‍රයන්ගේ නායකත්වයෙන් යුතු ව සේයිර් කඳුරට ආක්‍රමණ කළහ. ඔවුහු ගැලවී ඉතිරි ව සිටි අමලෙක්වරුන් මරා දැමූහ. ඔවුන් අද වන තුරු එහි වාසය කොට ඇත.