1 ලේකම් 3:1-24

1 ලේකම් 3:1-24 SCV

හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන් ඔහුගේ පුත්‍රයෝ මොවුහු ය: යෙස්රෙයෙලීය අහිනොවම්ගේ පුත් අම්නෝන් කුලුඳුලා ය; කර්මෙලීය අබිගායිල්ගේ පුත් දානියෙල් දෙවැන්නා ය; ගෙෂූර්හි රජු වූ තල්මයිගේ දියණිය වූ මයකාගේ පුත් අබ්සලොම් තුන්වැන්නා ය; හග්ගීත්ගේ පුත් අදොනීයා සිවුවැන්නා ය; අබිටාල්ගේ පුත් ෂෙෆටියා පස්වැන්නා ය; ඔහුගේ බිරිඳ එග්ලාගෙන් උපන් ඉත්රෙයාම් සවැන්නා ය. ඒ හයදෙනා හෙබ්‍රොන්හි දී දාවිත්ට උපන්හ. ඔහු හත් අවුරුදු සමසක් එහි රජකම් කළේ ය. දාවිත් යෙරුසලමේ වසර තිස්තුනක් රජකම් කළේ ය. යෙරුසලමේදී ඔහුට උපන් දරුවෝ මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් හා සාලමොන් ය. ඒ හතරදෙනා අම්මියෙල්ගේ දූ, බැත්-ෂුවාගෙන් උපන්හ. ඉබ්හාර්, එලිෂාමා, එලිෆෙලෙත්, නොගා, නෙෆෙග්, යාෆියා, එලිෂාමා, එලියාදා හා එලිෆෙලෙත් යන නවදෙනාත් ය. දාවිත්ගේ අතිරේක බිරියන්ගෙන් උපන් පුතුන්ට අමතරව ඒ සියල්ලෝ ම ඔහුගේ පුත්‍රයෝ ය. ඔවුන්ගේ සහෝදරිය තාමාර් ය. සාලමොන්ගේ පුත්‍රයා රෙහොබොවම් ය. ඔහුගේ පුත්‍රයා අබියා ය. ඔහුගේ පුත්‍රයා ආසා ය. ඔහුගේ පුත්‍රයා යෙහෝෂාෆාට් ය. ඔහුගේ පුත්‍රයා යෝරාම් ය. ඔහුගේ පුත්‍රයා අහසියා ය. ඔහුගේ පුත්‍රයා යෝවාෂ් ය. ඔහුගේ පුත්‍රයා අමසියා ය. ඔහුගේ පුත්‍රයා අසරියා ය. ඔහුගේ පුත්‍රයා යෝතාම් ය. ඔහුගේ පුත්‍රයා ආහාස් ය. ඔහුගේ පුත්‍රයා හෙසකියා ය. ඔහුගේ පුත්‍රයා මනස්සේ ය. ඔහුගේ පුත්‍රයා ආමොන් ය. ඔහුගේ පුත්‍රයා යොෂීයා ය. යොෂීයාගේ පුත්‍රයෝ: යෝහානාන් කුලුඳුල් පුත්‍රයා ය; යෙහෝයාකීම් දෙවැන්නා ය; සෙදෙකියා තුන්වැන්නා ය; ෂල්ලූම් හතරවැන්නා ය. යෙහෝයාකීම්ගේ අනු ප්‍රාප්තිකයෝ: ඔහුගේ පුත් යෙකොනියා හා සෙදෙකියා ය. සිරකරුවා වූ යෙකොනියාගේ පුත්‍රයෝ: ඔහුගේ පුත් ෂෙයල්තියෙල් ය. මල්කිරාම්, පෙදායා, ෂෙනස්සර්, යෙකමියා, හෝෂාමා හා නෙදබියා ය. පෙදායාගේ පුත්‍රයෝ: සෙරුබ්බාබෙල් හා ෂිමෙයි ය. සෙරුබ්බාබෙල්ගේ පුත්‍රයෝ: මෙෂුල්ලාම් හා හනනියා ය. ඔවුන්ගේ සහෝදරී ෂෙලොමිත් ය. හෂුබා, ඔහෙල්, බෙරෙකියා, හසදියා හා යූෂබ්-හෙසෙද් යන පස්දෙනා ය. හනනියාගේ පුත්‍රයෝ: පෙලටියා, යෙෂායා හා රෙෆායාගේ ද අර්ණාන්ගේ ද ඔබදියාගේ ද ෂෙකනියාගේ ද පුතුන් ය. ෂෙකනියාගෙන් පැවතෙන්නෝ: ෂෙමායා හා ඔහුගේ පුතුන් වූ හට්ටූෂ්, ඉගාල්, බාරියා, නෙයරියා හා ෂාෆාට් යන හයදෙනා ය. නෙයරියාගේ පුත්‍රයෝ: එල්යෝවේනයි, හිස්කියා හා අස්රීකාම් යන තුන් දෙනා ය. එල්යෝවේනයිගේ පුත්‍රයෝ: හෝදවියා, එලියාෂීබ්, පෙලායා, අක්කූබ්, යෝහානාන්, දෙලායා හා අනානී යන හත්දෙනා ය.