රන් වැඩට රන්, රිදී වැඩට රිදී ලෙස ශිල්පීන්ගේ අතින් කළ යුතු සියලු වැඩ ද සඳහා ය. අද දවසේ කැමැත්තෙන් තමන් ම ස්වාමින්වහන්සේට කැප කර ගන්නේ කවුරුන් දැ?” යි ඇසී ය. ඉන්පසු පියවංශ නායකයෝ ද ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ ප්‍රධානීහු ද දහසේ හා සියයේ සෙන්පතීහු ද රජුගේ සේවා-කටයුතු බාර ව සිටි නිලධාරීහු ද දෙවියන්වහන්සේගේ ගෘහයේ වැඩ සඳහා රන් තලෙන්ත පන්දහසක් හා රන් දරික් දස දහසක් ද රිදී තලෙන්ත දස දහසක්, ලෝකඩ තලෙන්ත දහඅට දහසක් හා යකඩ තලෙන්ත සිය දහසක් ද දුන්හ. අනර්ඝ ගල් ඇති හැම කෙනෙක් ම ඒවා ගෙර්ෂොනීය යෙහීයෙල්ගේ භාරකාරත්වය යටතේ, ස්වාමින්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාරයට දුන්හ. ඔවුහු ඒවා කැමැත්තෙන් පූජා කළ නිසා ජනයා ප්‍රීති වූහ. මන්ද ඔවුහු ස්වාමින්වහන්සේට එසේ දී තිබුණේ මුළු හදවතින් ම ය. නො මසුරු ව ය. දාවිත් රජු ද මහත් සේ ප්‍රීති වූයේ ය. එබැවින් දාවිත් මුළු ජන හමුව ඉදිරියේ ස්වාමින්වහන්සේට ආශිර්වාදය පුද කළේ ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සදාතනයෙන් සදාතනයට ඔබ ආශිර්වාදිත ය; අහෝ ස්වාමින්වහන්ස, උත්තම භාවය හා බලයත්, තේජෝ මහිමය, ජයග්‍රහණය හා රාජශ්‍රීයත් ඔබගේ ය. මන්ද ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ඔබගේ ය. රාජ්‍යයත් ඔබගේ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබ හිස මෙන් සියල්ලන්ට උසස් ව සිටින සේක. වස්තුව හා ගෞරවය පැමිණෙන්නේ ඔබ වෙතින් ය. සියල්ල පාලනය කරන්නේ ඔබ ය; බලය හා පරාක්‍රමය ඔබ අතේ ය. සැමට ශ්‍රේෂ්ඨත්වය හා ශක්තිය සලසා දෙන්නේ ඔබ අතින් ය. එබැවින් අපගේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති පුදන්නෙමු. ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා කරන්නෙමු.
1 ලේකම් 29 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 ලේකම් 29:5-13
3 days
Vance K. Jackson leads readers in this generation-shifting, wisdom-packed, life-changing devotional. David, had come to the end of his reign and had finished his assignment. David, a Father and king pronounced this powerful blessing over his people and over the future king — his son king Solomon. Fathers break cycles. Fathers impart. Let God lead your heart and lips as you read this powerful cycle-breaking devotional.
5 days
God pays close attention to the heart, yours and mine. In fact, the heart determines most things spiritually. Your heart can qualify or disqualify you before God. This is why God instructs that, "Above all else, guard your heart, for everything you do flows from it." Your heart is your greatest asset and you have to pay close attention to what flows in and out of it.
5 Days
The blessing of giving to God’s purposes brings the greatest joy. Let’s allow the Lord to do heart work in us, so that we can take the next steps. Let’s give the Lord our best and see what He will do.
Action Sports, unlike mainstream sports, are crawling with rebels, riders, drivers and rock stars. It's not about uniforms, coaches or scripts. Expressing yourself through action is the key. It’s a way of life for many. Yet who is leading your heart in that life? Take a five-day deep dive exploring key elements of action sports expressed through the Word of God written by those who are living a life of action.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ