අවුරුද්ද මුළුල්ලේ මාසයෙන් මාසය, කණ්ඩායම්වලට අදාළ ව රජුට මෙහෙ කිරීමට ආ-ගිය ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීන්ගේ ද දහසකගේ සෙන්පතීන්ගේ ද සියයකගේ සෙන්පතීන්ගේ ද ඔවුන්ගේ නිලධාරීන්ගේ ද නාමාවලිය මෙසේ ය; හැම කණ්ඩායමක ම විසිහතර දහස් දෙනෙකි. පළමු මස, පළමු කණ්ඩායම බාර ව සිටියේ සබ්දීයෙල්ගේ පුත් යාෂොබෙයාම් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. පෙරෙස්ගෙන් පැවත එන්නකු වූ ඔහු පළමු මාසය සඳහා අණ දෙන සියල්ලන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. දෙවන මාසයට කණ්ඩායම බාර ව සිටියේ අහෝහීය දෝදයි ය. ඔහුගේ කණ්ඩායමේ නායකයා මික්ලොත් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. තුන් වන මාසයට තුන් වන අණ දෙන්නා පූජක යෙහෝයාදාගේ පුත් බෙනායා ය. ඔහු ප්‍රධානියා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. තිස්දෙනා අතරේ පරාක්‍රමවත් මිනිසා වූයේත්, තිස් දෙනාගේ අණ දෙන්නා වූයේත් මේ බෙනායා ය. ඔහුගේ කණ්ඩායම බාර ව සිටියේ ඔහුගේ පුත් අම්මිසාබාද් ය. හතර වන මාසයට හතරවැන්නා වූයේ යෝවාබ්ගේ සහෝදර අසාහෙල් ය. ඔහුට පසුව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. පස් වන මාසයට පස්වැනි අණ දෙන්නා ඉස්රාහීය ෂම්හූත් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. හය වන මාසයට හයවැන්නා තෙකෝවාහි, ඉක්කේෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. හත් වන මාසයට හත්වැන්නා එප්‍රායිම් පුත්‍රයන්ගේ පෙලෝනීය හෙලෙස් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. අට වන මාසයට අටවැන්නා සර්හීවරුන්ගේ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. නව වන මාසයට නවවැන්නා බෙන්යමින් වංශිකයකු වූ අනාතොත්හි අබියෙසෙර් ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. දහ වන මාසයට දසවැන්නා සර්හීවරුන්ගේ නෙටොෆාතීය මහරයි ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. එකොළොස් වන මාසයට එකොළොස්වැන්නා වූයේ එප්‍රායිම් පුත්‍රයන්ගේ පිරාතෝන්හි බෙනායා ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. දෙළොස් වන මාසයට දොළොස්වැන්නා ඔත්නියෙල්ගේ නෙටොෆාතීය හෙල්දයි ය. ඔහුගේ කණ්ඩායම විසිහතර දහසකි. ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ අනුව: රූබෙන්වරුන්ට: ප්‍රධාන නිලධාරියා වූයේ සික්රීගේ පුත් එලියේසර් ය. සිමියොන්වරුන්ට: මයකාගේ පුත් ෂෙෆටියා ය. ලෙවීට: කෙමුවෙල්ගේ පුත් හෂබියා ය. ආරොන්ට: සාදෝක් ය. යූදාට: දාවිත්ගේ සහෝදරයකු වූ එලීහු ය. ඉස්සාකර්ට: මිකායෙල්ගේ පුත් ඔම්රී ය. සාබුලොන්ට: ඔබදියාගේ පුත් ඉෂ්මායා ය. නෆ්තලීට: අස්රියෙල්ගේ පුත් යෙරීමොත් ය. එප්‍රායිම්වරුන්ට: අසසියාගේ පුත් හොෂෙයා ය. මනස්සේ ගෝත්‍ර වංශ අර්ධයට: පෙදායාගේ පුත් යෝවෙල් ය. ගිලියාද්හි මනස්සේ ගෝත්‍ර වංශ අර්ධයට: සෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්යමින්ට: අබ්නේර්ගේ පුත් යාසීයෙල් ය. දාන් සඳහා යෙරොහාම්ගේ පුත් අසරේල් ය. ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ නායකයින් ඔවුහු ය. දාවිත් විසි අවුරුද්දේ පටන් ඊට අඩු වයස් වූවන් ගණන් කළේ නැත. මන්ද අහසේ තරු මෙන් ඉශ්‍රායෙල් ගණනින් වැඩි කරන්නට ස්වාමින්වහන්සේ පොරොන්දු වී තිබූ බැවිනි. සෙරූයාගේ පුත් යෝවාබ් මිනිසුන් ගණන් කරන්නට පටන් ගත්ත ද අවසන් කළේ නැත. මේ ගණන් කිරීම මගින් ඉශ්‍රායෙල් මත උදහස පැමිණියේ ය. ඒ ගණන දාවිත් රජුගේ ඉතිහාස ලේඛන පොතට ඇතුළත් නො කෙරිණි. රාජකීය ගබඩා බාර ව සිටියේ අදීයෙල්ගේ පුත් අස්මාවෙත් ය. පිට පළාත්වල ද නගරවල හා ගම්වල ද බළකොටුවල ද ගබඩා බාර ව සිටියේ උස්සියාගේ පුත් යොනාතාන් ය. කෙත් වතුවල බිම් අස්වැද්දූ අය බාර ව සිටියේ කෙලූබ්ගේ පුත් එස්රී ය. මිදි වතු බාර ව සිටියේ රාමාහි ෂිමෙයි ය. මිදි වතුවලින් නිපද වූ මිදි යුෂ ගබඩා බාර ව සිටියේ ෂිෆ්මීය සබ්දී ය. බටහිර කඳු බෑවුම්හි ඔලීව හා අත්තික්කා ගස් බාර ව සිටියේ ගෙදෙර්හි බාල්-හානන් ය. තෙල් ගබඩා බාර ව සිටියේ යෝවාෂ් ය. ෂාරොන් තණ බිම්වල සිටි සත්ව රංචු බාර ව සිටියේ ෂාරොන්හි ෂිර්ටයි ය. අද්ලායිගේ පුත් ෂාෆාට් මිටියාවත්වල සත්ව රංචු බාර ව සිටියේ ය. ඉෂ්මායෙලීය ඕබිල්, ඔටුවන් බාර ව සිටියේ ය. මෙරොනොතීය යේදෙයා, බූරුවන් බාර ව සිටියේ ය. හග්රීය යාසිස්, එළු බැටළු රංචු බාර ව සිටියේ ය. ඒ සියල්ලෝ ම දාවිත් රජුගේ දේපළ බාර ව සිටි නිලධාරීහු ය. දාවිත්ගේ පියාගේ සහෝදරයා වූ යොනාතාන් උපදේශකවරයකු ව බුද්ධිමත් මිනිසකු ව, ලියන්නකු ව සිටියේ ය. හක්මොනිගේ පුත් යෙහීයෙල්, රජුගේ පුත්‍රයින් බාර ව සිටියේ ය. අහිතොෆෙල්, රජුගේ උපදේශකයා වූ අතර අර්කීය හූෂයි, රජුගේ මිතුරා විය. (අහිතොෆෙල්ට පසුව ඔහු වෙනුවට බෙනායාගේ පුත් යෙහෝයාදා ද අබියාතර් ද පත් වූහ.) රජුගේ හමුදාවේ සෙන්පතියා යෝවාබ් ය.
1 ලේකම් 27 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 ලේකම් 27:1-34
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ