1 ලේකම් 22:5-10

1 ලේකම් 22:5-10 SCV

මන්ද දාවිත් කීවේ, “මා පුත් සාලමොන් තරුණයි; අත්දැකීම් අඩුයි. ස්වාමින්වහන්සේ උදෙසා ඉදිකරනු ලබන ගෘහය සියලු ජාතීන්ගේ ඇස් හමුවේ අතිශය අලංකාරයෙන් හා කීර්තියෙන් යුතු විය යුතුයි. එනිසා මම ඊට කටයුතු සූදානම් කරමි” කියා ය. මෙසේ දාවිත් තම මරණයට පෙර බොහෝ දේ සූදානම් කළේ ය. ඉන්පසු ඔහු තම පුත් සාලමොන් කැඳවා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා ගෘහයක් ඉදි කරන්නට ඔහුට අණ කළේ ය. දාවිත්, සාලමොන් අමතා, “මගේ පුත්‍රය, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ගෘහයක් ඉදි කරන්නට මගේ හිතේ තිබිණි. එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, ‘ඔබ බොහෝ සේ ලේ වැගිරී ය. බොහෝ යුද්ධ කළේ ය. ඔබ මිහි මත මගේ ඇස් හමුවේ බොහෝ සේ ලේ වැගිරූ බැවින්, ඔබ මගේ නාමයට ගෘහයක් ඉදි කළ යුතු නැත. ඔන්න! ඔබට පුතෙක් උපදින්නේ ය; ඔහු සාමකාමී මිනිසකු වන්නේ ය. මම හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට විවේකය දෙන්නෙමි. ඔහුගේ නම සාලමොන් වන්නේ ය. මම ඔහුගේ රාජ සමයේදී ඉශ්‍රායෙල්ට සාමයත්, නිස්කලංකයත් දෙන්නෙමි. මගේ නාමයට ගෘහයක් ඉදි කරන්නේ ඔහු ය. ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. මම ඔහුට පියෙක් වන්නෙමි. මම ඔහුගේ රාජ්‍යයේ සිහසුන ඉශ්‍රායෙල් කෙරෙහි සදහට ම ස්ථාපිත කරන්නෙමි’ යි පැවසුවා.