1 ලේකම් 18
18
ගිය ගිය තැන ජය
1මෙයින් පසු දාවිත් පිලිස්තිවරුන් පරදා, ඔවුන් යටත් කොට, ගාත් හා ඒ අවට ගම්මාන පිලිස්තිවරුන්ගේ පාලනයෙන් තමා යටතට ගත්තේ ය.
2දාවිත්, මෝවබ්වරුන් ද පැරදවී ය. මෝවබ්වරු ඔහුගේ යටත්වාසීන් බවට පත් වී, ඔහුට කප්පන් ගෙවූහ.
3තවද සෝබාහි රජු වූ හදද්එසෙර්, යුප්‍රටීස්#18:3 යුප්‍රටීස් එනම් පෙරාත් ගංගාව ළඟ තම පාලනය ස්ථාපිත කර ගන්නට යද්දී දාවිත්, හමාත් දක්වා ඔහුට පහර දී ඔහු පැරදවී ය. 4දාවිත්, ඔහුගේ රථ දහසක් ද අසරුවන් හත්දහසක් ද පාබළ සෙබළුන් විසිදහසක් ද අල්ලා ගත්තේ ය. රථ සියයක අශ්වයින් පමණක් ඉතිරි කර ගත් ඔහු සෙසු අශ්වයින්ගේ කලවා නහර කපා දැමී ය.
5දමස්කයේ අරාම්වරුන් සෝබාහි රජු වූ හදද්එසෙර්ගේ සහායට පැමිණි කල, දාවිත් අරාම්වරුන්ගෙන් විසිදෙදහසක් ගසා හෙළී ය. 6දාවිත්, දමස්කයේ අරාම් මධ්‍යයේ බළ සේනා සිටුවී ය. අරාම්වරු ඔහුගේ යටත්වාසීන් වී, ඔහුට කප්පන් ගෙවූහ. දාවිත් ගිය ගිය තැන ස්වාමින්වහන්සේ ඔහුට ජය ගෙන දුන් සේක.
7හදද්එසෙර්ගේ සේවකයින් විසින් දරන ලද රන් පලිස් ගත් දාවිත්, ඒවා යෙරුසලමට රැගෙන ආවේ ය. 8හදද්එසෙර්ට අයත් නගර වූ ටිබ්හත් හා කූන් වෙතින් දාවිත් ලෝකඩ මහා ප්‍රමාණයක් ගත්තේ ය. ඒවායින් සාලමොන් ලෝකඩ තටාකය ද කුලුනු ද නා නා විධ ලෝකඩ භාණ්ඩ ද සෑදී ය.
9දාවිත්, සෝබාහි රජු වූ හදද්එසෙර්ගේ මුළු හමුදාව පරාජය කර ඇති වග, හමාත්හි රජු වූ තොයීට අසන්නට ලැබිණ. 10එකල ඔහු තම පුත් හදෝරාම්, හදද්එසෙර් හා සටනේදී ලද ජය පිළිබඳව දාවිත්ට ආචාර කරන්නට හා සුබ පතන්නට දාවිත් රජු වෙත යැවී ය. මන්ද හදද්එසෙර් හා තොයී අතර යුද්ධ පැවතිණි. හදෝරාම් නා නා විධ රන්, රිදී හා ලෝකඩ භාණ්ඩ ගෙන ගියේ ය.
11දාවිත් රජු එම භාණ්ඩ ඒදොම්, මෝවබ්, අම්මොන්වරුන්, පිලිස්තිවරුන් හා අමලෙක් යන සියලු ජාතීන්ගෙන් ගත් රිදී හා රන් සමඟ ස්වාමින්වහන්සේට කැප කළේ ය.
12සෙරූයාගේ පුත් අබිෂයි ලුණු මිටියාවතේදී ඒදොම්වරුන් දහඅට දහසක් ගසා හෙළී ය. 13ඔහු ඒදොම්හි ආරක්ෂක සේනාංක රැඳවී ය. සියලු ඒදොම්වරු දාවිත්ට මෙහෙකරුවන් වූහ. දාවිත් ගිය හැම තැනකදී ම ස්වාමින්වහන්සේ ඔහුට ජය අත්පත් කර දුන් සේක.
දාවිත්ගේ නිලධාරීහු
14දාවිත් සමස්ත ඉශ්‍රායෙලයට ම රජකම් කළේ ය. ඔහු තමන්ගේ මුළු ජනතාවට යුක්තිය හා සාධාරණත්වය එක ලෙස ඉටු කළේ ය.
15සෙරූයාගේ පුත් යෝවාබ් හමුදාපති ව සිටියේ ය;
අහිලූද්ගේ පුත් යෙහෝෂාෆාට් වාර්තාකරු ව සිටියේ ය;
16අහිටූබ්ගේ පුත් සාදෝක් හා අබියාතර්ගේ පුත් අහිමෙලෙක්#18:16 අහිමෙලෙක් හෙබ්‍රෙව් අබිමෙලෙක් පූජකයින් ව සිටියහ; ෂව්ෂා
ලේකම් ව සිටියේ ය;
17යෙහෝයාදාගේ පුත් බෙනායා කෙරේතිවරුන්ගේ හා පෙලේතිවරුන්ගේ ප්‍රධානියා ව සිටියේ ය.
දාවිත්ගේ පුත්තු රජුගේ ප්‍රධාන නිලධාරීන් ව සිටියහ.
දැනට තෝරාගෙන ඇත:
1 ලේකම් 18: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: