ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව ගෙනවුත්, ඒ සඳහා දාවිත් විසින් පිහිටු වන ලද කූඩාරමෙහි එය තැන්පත් කර, දවන යාග පූජා හා ශාන්ති පූජා දෙවියන්වහන්සේ අබියස ඔප්පු කළහ. දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කිරීම නිම කළ දාවිත්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් ජනතාවට ආශිර්වාද කළේ ය. ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් පුරුෂයින් හා ස්ත්‍රීන් හැම කෙනකුට ම රොටියක්, මස් කොටසක් හා වියළි මිදි කැටියක් බැගින් බෙදා දුන්නේ ය. තවද ඔහු, ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස මෙහෙ කරන්නට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වර්ණනා කිරීමටත්, තුති පිදීමටත්, පැසසුම් දීමටත් ලෙවීවරුන්ගෙන් සමහරකු පත් කළේ ය. ආසාෆ් ප්‍රධානියා ය. සෙකරියා දෙවැන්නා ය. ඊළඟට යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඔබේද්-ඒදොම් හා යෙයීයෙල් ය. ඔවුහු වීණා හා මහ වීණා වැයීමට පත් ව සිටියහ. ආසාෆ් අත්තාලම්වලින් නාද නැංවීමටත්, බෙනායා හා යහසීයෙල් යන පූජකයෝ දෙවියන්වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියස නිති පතා හොරණෑ පිඹීමටත් පත් ව සිටියහ. දාවිත් ඒ දවසේදී ආසාෆ් ද ඔහුගේ සහෝදරයන් ද මෙසේ ස්වාමින්වහන්සේට ස්තුති පුදන පිණිස මුලින් ම පත් කළේ ය.
1 ලේකම් 16 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 ලේකම් 16:1-7
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ