ප්‍රේම ගී 2
2
1මම ෂාරොන්හි සෙව්වන්දියක් ය;
මිටියාවත්වල මානෙල් මලක් ය.
පෙම්වතා
2කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය.
පෙම්වතී
3වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය.
ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි;
එහි ඵල මා මුවට ඉමිහිරි ය.
4ඔහු බොදුන් හලට මා ගෙනායේ ය.
මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය.
5වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න;
ජම්බුවලින් මා පණ ගන්වන්න.
මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි.
6ඔහුගේ වමත මාගේ හිස යට ඇත;
දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.
7ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ#2:7 මුව දෙනුන් සහ ඕලු දෙනුන් යන වචනවලට හෙබ්‍රෙව් පිටපතෙහි යෙදෙන වචන අනුසාරයෙනි. නාමයෙන් දිවුරන්න.
දෙ වන ගීතය
පෙම්වතී
8අන්න, මා පෙම්වතාගේ කට හඬ;
කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්.
9මා පෙම්වතා මුවෙකු වැනි ය.
ඔහු මුව පැටවෙකු වැනි ය;
බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;
10මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය:
“මා සුරතලිය, නැඟිටින්න;
මා සොඳුරිය, දැන් එන්න.
11සිසිර කාලය දැන් පසු වී ඇත;
වැසි වරුසා නතර වී ඇත.
12මිහි පිට මල් පිපී ඇත;
ගී ගයනා කාලය පැමිණ ඇත;
කොවුල් හඬ දසත පැතිර යත.
13පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න;
මා සොඳුරිය, දැන් එන්න.
14කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න;
ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න;
ඔබේ කට හඬ මිහිරි ය;
ඔබේ මුහුණ සෝබන ය.”
15මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න.
16මාගේ පෙම්වතා මාගේ ය;
මම ඔහුගේ ය.
ඔහු මානෙල් අතරේ බැටළු රැළ කවයි.
17මාගේ පෙම්වත, උදේ සුළං හමන තුරු, සෙවණැලි පහ වන තුරු බෙතෙල් කඳු පිට යන මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් හැරී එන්න.
දැනට තෝරාගෙන ඇත:
ප්‍රේම ගී 2: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න