උපදේශකයා හෙවත් සිරාක් 44
44
ආදි පියවරුන් පැසසීම
1පරපුරෙන් පරපුරට පැමිණි අපගේ ආදි පියවරුන් වන සත්කීර්තිමත් මිනිසුන් පැසසීම අපි දැන් අරඹමු.
2සමිඳාණෝ විපුල මහිමයෙන් ඔවුන් සැරසූ සේක.
ආදි යුගයෙහි සිට සිය ශ්‍රේෂ්ඨත්වය විදහා ලූ සේක.
3ඇතැමෙක් භූපතීන් මෙන් අධිකාරි බලය පෙන්වූ හ.
මෙලෙස ඔවුන්ගේ බලසම්පන්නකම නිසා ඔව්හු යසස් ලත්හ.
ඇතැමෙක් නුවරුන්ට උපදේශකයෝ වූ හ.
ඔව්හු දූරදර්ශී දිවැස් වැකි ප්‍රකාශ කළහ.
4ඇතැමෙක් තම උවදෙස් මඟින් ද පොදු ජනතාව පිළිබඳ නැණනුවණින් ද තම ඉගැන්වීම්හි පැණසර වදනින් ද ජනතාවට මඟ පෙන්වූ හ.
5ඇතැමෙක් කන්කලු ගීත රචනය කළහ.
මෙලෙස ඔව්හු සැහැලි ගෙතූ හ.
6ඇතැමෙක් ධනවත් වූ හ, බලවත් වූ හ;
සාමකාමී ව සිය නිවෙස්හි විසූ හ.
7මේ සියලු දෙන තත්කාලීනයන් විසින් ගරු කරනු ලැබූ හ.
ඔව්හු සිය ජීවිත කාලයෙහි දී මහිමවත් වූ හ.
8ඔවුන් අතරෙහි සමහරෙක් උදාර නාමයක් තබා ගියහ.
එබැවින් තවමත් ඔවුන්ගේ ගුණ ගයනු ලැබේ.
9තවත් අය ඔවුන් සිහි වීමට කිසිවක් තබා නොගියහ.
ජීවත් වී නො සිටියාක් මෙන් ඔව්හු නොපෙනී ගියහ.
දැන් ඔවුන් මිහි පිට කිසි දාක නොසිටියාක් මෙනි.
ඔවුන්ගෙන් පැවතෙන දරුවන්ට ද එලෙස වනු ඇත.
10එහෙත් මෙන්න, සත්ගුණවත් මිනිසුන්ගේ නාමාවලියක්.
ඔවුන්ගේ සාධු ක්‍රියා අමතක වී ගොස් නැත.
11ඔවුන්ගේ පරපුරෙන් පැවතෙන අය අතර, ඔවුන්ගෙන් ජනිත, වටිනා ප්රවේණියක් ඇති වන්නේ ය.
12ඔවුන්ගෙන් පැවතෙන්නෝ ගිවිසුම්වලට ගරු කරති.
ඔවුන් නිසා ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද එලෙස කරති.
13ඔවුන්ගේ දරුදැරියෝ සදා පවතින්නෝ ය.
ඔවුන්ගේ මහිමය මලානික නොවනු ඇත.
14ඔවුන්ගේ මළසිරුරු සාමයෙන් වළලන ලදී.
පරපුරෙන් පරපුරට ඔවුන්ගේ නාමය පවතිනු ඇත.
15සෙනඟ ඔවුන්ගේ ප්‍රඥාව පවසන්නෝ ය.
සභාව ඔවුන් ගැන පසස් ගී ගයන්නී ය.
ඒනොක්
16ඒනොක් සමිඳුන් හට ප්‍රසන්න වූයේ ය.
ඔහු හැරගෙන යන ලද්දේ ය.
සිය පරම්පරාවල සිත් හැරීමට ආදර්ශයකි.
නෝවා
17නෝවා සම්පූර්ණ ලෙස දැහැමි ව සිටියේ ය.
උදහස පැමිණි කාලයේ දී ඔහුගේ වංශය විනාශයෙන් ගළවා නැවත ඇති කළ සේක.
ජලගැල්ම ඇති වූ කාලයෙහි දී ඔහු නිසා පොළොවෙහි ඉතා කුඩා පිරිසක් ආරක්ෂා කරන ලද්දේ ය.
18ජීවමාන සත්ත්වයා නැවත ජලගැල්මකින් විනාශ නොවන පිණිස සදාකාලික ගිවිසුමක් ඔහු සමඟ පිහිටුවන ලද්දේ ය.
ආබ්‍රහම්
19ආබ්‍රහම් ජාතීන් සමූහයකගේ කීර්තිමත් ආදි පියා විය.
කිසිවෙක් මහිමයෙන් ඔහුට සමාන නො වී ය.
20ඔහු මහෝත්තමයාණන් වහන්සේගේ නීතිය ඉටු කෙළේ ය;
උන් වහන්සේ සමඟ ගිවිසුමක් කෙළේ ය.
මේ ගිවිසුම ඔහු තම මාංසයෙහි ස්ථිර කෙළේ ය.
පරීක්ෂා කරනු ලැබූ කාලයෙහි දී ඔහු විශ්වාසී ව සිටියේ ය.
21එහෙයින් සමිඳාණෝ ඔහුගෙන් පැවත එන්නන් තුළ සියලු ජාතීන්ට ආශීර්වාද කිරීමට ද ඔහුගෙන් පැවත එන්නන් පොළොවේ වැලි මෙන් වැඩි කිරීමට ද අහසේ තරු මෙන් ඔවුන් උසස් කිරීමට ද මුහුදේ පටන් තවත් මුහුදක් දක්වාත් මහා ගංගාවේ පටන් පොළොවේ කෙළවර දක්වාත් දේශය ඔවුන්ගේ උරුමය වශයෙන් දීමට ද ගිවිසුමෙන් පොරොන්දු වූ සේක.
ඊසාක් සහ ජාකොබ්
22උන් වහන්සේ ඊසාක්ට ඔහුගේ පියා වූ ආබ්‍රහම් නිසා සිය මනුෂ්‍යයන් කෙරෙහි ආශීර්වාදය අලුත් කළ සේක.
ජාකොබ්ගේ හිස පිට ගිවිසුම පවතින්නට සැලැසූ සේක.
23උන් වහන්සේ ඔහුගේ ආශීර්වාදයන් තුළ ඔහු ස්ථිර කළ සේක.
දේශය ඔහුගේ උරුමය වශයෙන් දුන් සේක.
උන් වහන්සේ එය කොටස්වලට බෙදා, ගෝත්‍ර දොළොස අතර හවුල් කොට දුන් සේක.
දැනට තෝරාගෙන ඇත:
උපදේශකයා හෙවත් සිරාක් 44: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: