රූත්ගේ කථාව 4:1-2
රූත්ගේ කථාව 4:1-2 SNRV
බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේ ය. නොබෝ වේලාවකින්, ඔහු කලින් සඳහන් කළ එලිමෙලෙක්ගේ කිට්ටු නෑයා එතැනට පැමිණියේ ය. බෝවස් ඔහුගේ නම කියා අමතමින්, “මිත්‍රය, මෙහි අවුත් වාඩිවන්නැ”යි ඔහුට කී ය. ඔහු එහි ගොස් වාඩි විය. එවිට බෝවස් ප්‍රජා මූලිකයන් දසදෙනෙකු කැඳවාගෙන, “මෙහි වාඩි ගන්නැ”යි ඔවුන්ටත් කී ය.

