රෝම 9:19-20

රෝම 9:19-20 SNRV

උන් වහන්සේගේ කැමැත්තට විරුද්ධ ව සිටීමට කිසිවෙකුට නොහැකි නම්, “උන් වහන්සේ තවමත් මිනිසාට දොස් නඟන්නේ මන්දැ”යි ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත. අනේ ඇත්තට ම, මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ සමඟ එකට එක කීමට තරම් කවරෙක් ද? “මා මෙසේ තැනුවේ මන්දැ”යි මැටි බඳුන එය තැනූ කුම්භකාරයාට කියනු ඇද් ද?