රෝම 7:14-22

රෝම 7:14-22 SNRV

නීතිය ආධ්‍යාත්මික බව අපි දනිමු. එහෙත් ලෞකීක වූ මම පාපයට වහල් වී සිටිමි. මා කරන දේ මට ම නොතේරේ. මා කරන්නේ මා කරන්නට කැමැති දේ නොව, මා ද්වේෂ කරන දේ ය. මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි. සැබැවින් ම මා කරන දෙය කරන්නේ මා නොව මා තුළ ඇති පාපය වේ. මා තුළ, එනම්, මාගේ මිනිස් ගතිය තුළ කිසි යහපතක් නැති බව දනිමි. මන්ද, යහපත කිරීමට කැමැත්තක් මට ඇතත්, එය ඉටු කිරීමට ශක්තියක් මට නැත. මා කැමැති වන යහපත නොකර, මා අකමැති වන අයහපත මම කරමි. ඉදින් මා කරන්නේ මා අකමැති වන දෙය නම්, එය කරන්නේ මා නොව, මා තුළ ඇති පාපය ය. එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර, නපුර මා නොමඟට පොළඹවන්නේ ය යන ප්‍රතිපත්තියක් මට පෙනේ. මාගේ හද පත්ලෙන් මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි.

මෙයට අදාළ වීඩියෝ