එළිදරව්ව 19:12-13

එළිදරව්ව 19:12-13 SNRV

උන් වහන්සේගේ නේත්‍ර අග්නි ජාලා මෙනි; උන් වහන්සේගේ හිස මත බොහෝ කිරුළු ඇත. උන් වහන්සේ හැර අන් කිසිවෙකු නොදන්නා නාමයක් එහි ලියා ඇත. ලෙයින් පෙඟුණු වස්ත්‍රයක් උන් වහන්සේ ඇඳ සිටි සේක. “දෙවියන් වහන්සේගේ ධර්මයාණෝ” යයි උන් වහන්සේට කියන ලදී.