ගීතාවලිය 99
99
ශ්‍රේෂ්ඨ දෙවි රජාණෝ
1 #
නික්ම 25:22
සමිඳාණෝ රජකම් කරන සේක.
විජාතීහු බියෙන් කැළෙඹන්නෝ ය.
එතුමාණෝ කෙරුබ්වරුන්ට ඉහළින් සිහසුන් අරා වැඩ සිටින සේක.
මිහිතලය කම්පා වන්නේ ය.
2සමිඳාණෝ සියොන් කන්දෙහි උතුම් වන සේක;
සියලු ජාතීන්ට ඉහළින් වැජඹෙන සේක.
3අති උතුම් තෙද බලැති එතුමාණන්ගේ නාමය සියල්ලෝ පසසන්නෝ ය.
එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
4අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක, ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක;
ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක.
5අපේ දෙවි සමිඳුන් උසස් කොට පසසන්න;
එතුමාණන්ගේ පාපුටුව ළඟ වැඳ වැටෙන්න;
එතුමාණෝ සුවිශුද්ධ වන සේක.
6එතුමාණන්ගේ පූජකවරුන් අතර මෝසෙස් ද ආරොන් ද වූ හ.
එතුමාණන්ගේ නාමය අයැදි අය අතර සාමුවෙල් ද විය.
ඔවුන් සමිඳුන් අයැදි විට එතුමාණෝ පිළිතුරු දුන් සේක.
7 #
නික්ම 33:9
වලා ටැඹෙන් එතුමාණෝ ඔවුන්ට කතා කළ සේක.
එතුමාණෝ ඔවුන්ට දුන් අණපනත් ද නීති ද ඔව්හු ඉටු කළෝ ය.
8අපේ දෙවි සමිඳුනි, ඔබ ම ඔවුන්ට පිළිතුරු දෙන සේක.
ඔබ ඔවුන්ට දැඩි ලෙස දඬුවම් දුන් නමුත්, කමා කරන දෙවිඳුන් ඔබ බව ඔවුන්ට පෙන්වූ සේක.
9අපේ දෙවි සමිඳුන් පසසන්න, එතුමාණන්ගේ ශුද්ධ කන්ද ළඟ වැඳ වැටෙන්න.
අපේ දෙවි සමිඳාණෝ සුවිශුද්ධ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 99: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න