ගීතාවලිය 97
97
සමිඳාණන් වහන්සේගේ රාජ බලය
1සමිඳාණෝ රජකම් කරන සේක, මිහිතලය ප්‍රීති වේ වා!
දිවයින් සියල්ල ප්‍රීති ප්‍රමෝද වේ වා!
2වලාකුළු සහ අඳුර එතුමාණෝ වට කර සිටින්නේ ය.
දැහැමිකම සහ යුක්තිය එතුමාණන්ගේ සිහසුනේ පදනම් ය.
3එතුමාණන් පෙරටුවෙන් ගින්නක් යන්නේ ය;
එය එතුමාණෝ සිසාරා සිටින සතුරන් දවාලන්නේ ය.
4එතුමාණන්ගේ විදුලිසැර කෙටීම ලෝකයට ආලෝකය දෙයි;
පොළොව එය දැක කම්පා වෙයි.
5කඳු හෙල් සමිඳාණන් දැක ඉටි මෙන් උණු වන්නේ ය;
මුළු මිහිතලය ද සමිඳුන් දැක එසේ වන්නේ ය.
6අහස් තලය එතුමාණන්ගේ සාධාරණකම ප්‍රකාශ කරන්නේ ය;
සකල ජනතාවෝ එතුමාණන්ගේ මහිමය නරඹන්නෝ ය.
7රූප වඳින්නෝ ද පිළිම ගැන පාරට්ටු කරන්නෝ ද ලජ්ජා වෙත් වා!
සියලු දෙවි දේවතාවෝ දෙවිඳුන්ට හිස නමත් වා!
8සියොන් කන්ද ඊට සවන් දී තුටින් ඉපිලේ වා!
සමිඳුනි, ඔබේ දේව පරිපාලනය නිසා ජුදාහි නගර සතුටු වේ වා!
9සව් බලැති දෙවි සමිඳුනි, ඔබ මුළු පොළෝ තලයට ශ්‍රේෂ්ඨ වන සේක;
සියලු දෙවි දේවතාවන්ට වඩා ඔබ උතුම් වන සේක.
10සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක;
ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක;
දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක.
11දැහැමියන් මත එළිය බබළයි;
යහපත් අය මත සතුට දිළිසෙයි.
12දමිටුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙන්න.
එතුමාණන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමාණන්ට ප්‍රශංසා කරන්න.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 97: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: