ගීතාවලිය 9
9
දැහැමි විනිශ්චය ගැන පැසසුම්
දාවිත්ගේ ගීතයකි.
1සමිඳාණන් වහන්ස, හද පත්ලෙන් මම ඔබ හට තුති පුදමි;
ඔබ කළ හැම අසිරිමත් ක්‍රියා පතුරා හරින්නෙමි;
2ඔබ ගැන සිත සිතා කුල්මත් වී උදන් අනන්නෙමි;
මහෝත්තමයාණෙනි, ඔබේ නම ප්රශස්ති ගීතයෙන් පසසන්නෙමි.
3ඔබේ ආගමනය නරඹා සතුරෝ පසු බැස යති;
පැකිළ වැටෙති, වැනසෙති.
4මාගේ සාධාරණ පැමිණිල්ල අසා මට යුක්තිය ඉෂ්ට කළ සේක;
ඔබ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරමින් සිංහාසනයෙහි වැඩහුන් සේක.
5ජාතීන්ට තරවටු කොට, අදමිටුවන් විනාශ කොට, ඔවුන්ගේ නම සදහට ම මකා හරින සේක.
6සතුරන්ගේ නගර සුණු විසුණු කර ඇත.
ඒවායේ නම්ගම් මතකයෙන් පහකර ඇත.
ඔවුන් සදාකල් විනාශයට පැමිණෙවු සේක.
7සමිඳාණෝ සිහසුන් අරා සදා වැඩ සිටින සේක;
විනිසය පිණිස සිය සිහසුන පිහිටෙවු සේක.
8එතුමාණෝ දැහැමිකමින් මුළු ලොව නඩු විසඳාලන සේක;
ජාතීන් යුක්ති සහගත ලෙස විනිශ්චය කරන සේක.
9සමිඳාණෝ පීඩිතයන් හට උස් බලකොටුවකි;
විපත්ති සමයෙහි මහ බලකොටුවකි.
10ඔබ පිළිගන්නෝ ඔබ විශ්වාස කරති.
ඔබ සොයා එන්නන් ඔබ කිසි දා අත් නොහරින සේක.
11සියොන් ගිරෙහි වැඩ වසන සමිඳුන් හට ගී ගයන්න;
මුළු ලොව හැම ජාතීන්ට සමිඳුන් කළ දෙය පවසන්න.
12දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක.
වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.
13සමිඳුනි, මට කරුණා කළ මැනව.
සතුරන්ගෙන් වූ මාගේ දැඩි දුක සලකාලුව මැනව.
මරු මුවෙන් මා වෙන් කරගත මැනව.
14එවිට ඔබ මට දුන් සෙත් සිරි ගැන ජෙරුසලමේ සව් සත හට ජය තුති ගී පවසන්නෙමි.
15විජාතීහු වළක් කපා එම වළෙහි වැටී සිටිති.
එලෙස ම උගුලක් අටවා එම උගුලට අසු වී සිටිති.
16සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක.
කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.
17දුදනන්ගේ ඉරණම පාතාලය වේ;
දෙවිඳුන් අමතක කරන ජාතීන්ටත් එසේ ම වේ.
18දිළිඳා හැම දා අමතක නොවනු ඇත.
පීඩිත අයගේ පැතුමත් සදහට ම යටපත් නොවනු ඇත.
19වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව.
ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා!
20සමිඳුනි, ඔවුන් භීතියෙන් ඇලළී යන්නට සැලසුව මැනව.
ජාතීන් මැරෙන සුලු අය පමණක් බව දැනගන්නට සැලසුව මැනව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 9: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: