ගීතාවලිය 74
74
ජාතියේ විලාපයක්
ආසාප්ගේ ගීතයකි.
1අහෝ දෙවිඳුනි!
ඔබ සදහට ම අප අත්හරින්නේ මන් ද?
ඔබේ තණ බිම්හි බැටළුවන්ට විරුද්ධ ව ඔබේ උදහස නඟින්නේ මන් ද?
2පෙර කල ඔබට ම තෝරාගත්, උරුම වංශය කරගන්න පිණිස වහල්කමින් මුදාගත්,
ඔබේ සෙනඟ සිහි කළ මැනව.
ඔබේ නිවාසය වූ සියොන් කන්ද සිහි කළ මැනව.
3නිමක් නැති මේ නටබුන් ගොඩ මතු පිටින් දෙ පා නැඟුව මැනව.
අපේ සතුරා ඔබේ ශුද්ධස්ථානයේ සියල්ල වනසා ඇත්තේ ය.
4ඔබේ සෙනඟ මැද එදිරිකාරයෝ බෙරිහන් දුන්නෝ ය.
ඔව්හු තම ජය කෙහෙලි එහි නැංවූ හ.
5ඔව්හු ඉහළ දොරටුවේ කැටයම් වැඩ පොරෝවලින් කපා සුණු විසුණු කළහ.
6එහි පනේල සියල්ල ම ඔව්හු බිඳදැමූ හ.
කැත්තෙන් සහ මිටියෙන් ඒවාට පහර දුන්නෝ ය.
7ඔව්හු ඔබේ ශුද්ධස්ථානය ගිනිබත් කළෝ ය.
ඔව්හු ඔබේ නාමයට කැප වූ වාසභවනය කෙලෙසා බිමට සමතලා කළෝ ය.
8“අපි ඔවුන් සියල්ලන් සම්පූර්ණයෙන් විනාශ කරමු”යි ඔවුන් සිතාගෙන මුළු රටෙහි දහම් හල් ගිනිබත් කළහ.
9අපට අනාගතයක් නැත;
දිවැසිවරයෙක් ද අපට නැත;
මේ තත්ත්වය කොපමණ කල් පවතී දැ යි දන්න කෙනෙක් ද නැත.
10දෙවිඳුනි, එදිරිකාරයා කොපමණ කලක් ඔබට නින්දා කරන්නේ ද?
ඔහු ඔබේ නාමයට සදහට ම ගරහන්නේ ද?
11ඔබ අපට අත නො දී ඉන්නේ මන් ද?
ඔබ දෑත අකුළාගෙන ඉන්නේ මන් ද?
12දෙවිඳුනි, පුරාතනයේ සිට ම ඔබ අපේ රජතුමාණෝ ය;
ලෝ පුරා ගැළවීමේ ක්‍රියාවල කතුවරයාණෝ ඔබ වහන්සේ ය.
13 #
නික්ම 14:21
ඔබ සිය සවියෙන් සමුදුර දෙබෑ කළ සේක;
මුහුදු සපුන්ගේ හිස් ද පොඩිකළ සේක.
14 #
ජෝබ් 41:1; ගීතා 104:26; යෙසා 27:1 ඔබ ලෙවියාතන් නම් සර්පයාගේ හිස පොඩිකර දැමූ සේක;
උගේ මස් කාන්තාර සතුන්ට ආහාරයක් කොට දුන් සේක.
15උල්පත් සහ ජල ධාරා මුදා හැරියේ ඔබ වහන්සේ ය;
ගලන ගංගා වියළී යෑමට සැලසුවේත් ඔබ වහන්සේ ය.
16දිවා රෑ දෙක ම අයිති ඔබ වහන්සේට ය;
ඉර හඳ මැව්වේත් ඔබ වහන්සේ ය.
17පොළොවේ සීමාවන් පිහිටුවා වදාළේ ඔබ වහන්සේ ය;
ග්‍රීෂ්මය සහ සිසිරය ඇති කෙළේ ඔබ වහන්සේ ය.
18සමිඳුනි, ඔබට නිගා කළ සතුරන්ගේ අපහාස සිහිකළ මැනව.
ඔබේ නාමය ගැරහු අදමිටුන් සිහිකළ මැනව.
19ඔබේ නිදොස් සෙනඟ කුරිරු සතුන්ට බිලිකර නුදුන මැනව;
ඔබේ අසරණයන් සදහට ම අමතක නොකළ මැනව.
20ඔබ අප සමඟ කළ ගිවිසුම සිහිකළ මැනව.
මන්ද, රටේ සෑම අඳුරු මුල්ලක් ම සැහැසිකමින් පිරී ඇත.
21පීඩිත වූවන්ට ලජ්ජාවෙන් පසු බැසීමට ඉඩ නුදුන මැනව.
දුගීන් හට සහ දිළිඳුන් හට ඔබේ නාමය පැසසීමට ඉඩ සැලසුව මැනව.
22දෙවිඳුනි, නැඟිට විසඳුව මැනව.
යුක්තිය රැක ගැනීමට සටන් කළ මැනව.
නොදැහැමියන් දවස පුරා ඔබට නිගා කරන බව සිහි කළ මැනව.
23ඔබේ එදිරිකාරයන්ගේ හඬ ද නොකඩවා නඟින ඔබේ සතුරන්ගේ කොලහල ගොස ද අමතක නොකළ මැනව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 74: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: