ගීතාවලිය 57
57
කුරිරු රුපුන් මැද විශ්වාසය
දාවිත් සාවුල් ඉදිරියෙන් ගුහාවට පලා ගිය පසු දාවිත් ගැයූ ගීතයකි.
1 #
1 සාමු 22:1; 24:3 මට අනුකම්පා කළ මැනව;
අහෝ දෙවිඳුනි!
මට අනුකම්පා කළ මැනව.
මම ඔබ සරණ පතමි;
විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.
2අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි;
මට සියල්ල සලසා දෙන අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි.
3මා පෙළන අයගෙන් මා මුදාලීමට එතුමාණෝ සගලොවින් පිහිට එවන සේක.
දෙවිඳාණෝ තමන් කරුණාවත්, සත්‍යතාවත් එවන සේක.
4මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි.
උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න;
උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.
5දෙවිඳුනි, ඉහළින් වැඩ සිට ඔබේ ශ්‍රේෂ්ඨත්වය දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිර ඇත්තේ ය.
6මා දුක් බරින් යට වූ විට මාගේ සතුරෝ මා පයට දැලක් එළූ හ;
මා වැටෙන පිණිස කැණූ වළෙහි ඔව්හු ම වැටුණෝ ය.
7දෙවිඳුනි!
මට අචල විශ්වාසයක් ඇත්තේ ය.
මම ගී ගයා ඔබ පසසමි.
8මාගේ හදවත, අවදි වන්න!
එම්බා!
කුඩා වීණාව, මහා වීණාව, පිබිදෙන්න!
එවිට මම උදාහිරු අවදි කරන්නෙමි.
9සමිඳුනි!
මම ජනතාව අතර ඔබ පසසමි;
විජාතීන් අතර මම ඔබට ගී ගයමි.
10ඔබේ කරුණාව සගලොව දක්වා නඟින්නේ ය.
ඔබේ සත්‍යවාදිකම අහස උසට නැඟී ඇත්තේ ය.
11දෙවිඳුනි, අහසට වඩා ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් බව දැක්වුව මැනව.
ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 57: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න