ගීතාවලිය 37:1-9

ගීතාවලිය 37:1-9 SNRV

නපුර කරන අය ගැන නොකලකිරෙන්න; අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න. ඔව්හු තණ පත් මෙන් වියළී යති; නිල් පලා මෙන් මැලවී යති. සමිඳාණන් වහන්සේ කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න. සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමාණෝ ඔබේ මන දොළ ඉටු කරනු ඇත. ඔබේ ගමන් මඟ හිමිතුමාණන්ට භාර දෙන්න; එතුමාණෝ කෙරේ විශ්වාසය තබන්න; හිමිතුමාණන් හැම දෙය ඉටු කර දෙනු ඇත. හිමිතුමාණන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක. සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න. කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය. නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමිතුමාණන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.

මෙයට අදාළ වීඩියෝ