ගීතාවලිය 24
24
මහිමාන්විත රාජයාණෝ
දාවිත්ගේ ගීතයකි.
1 #
1 කොරි 10:26
පොළොව හා එහි ඇති සෑම දෙය ද සකල ලෝ වාසීහු ද සමිඳාණන් වහන්සේ සන්තක වෙති.
2මුහුදු ජලය පිට පොළොව පිහිටුවා, සයුරු පත්ලෙහි එය ස්ථාපිත කෙළේ එතුමාණෝ ය.
3හිමිතුමාණන්ගේ කන්දට නඟින්නට ශුද්ධ කවුරු ද?
එතුමාණන්ගේ ශුද්ධ දෙව් මැදුරෙහි නවතින්නට හැකි කාට ද?
4 #
මතෙ 5:8
ක්‍රියාවෙන් පිරිසිදු, සිතින් නිර්මල, නිෂ්ඵල දෙයට වැඳුම්පිදුම් නොකරන, බොරුවට නොදිවුරන, තැනැත්තාට ය.
5එවැනි අයට සමිඳාණෝ ආසිරි දෙති;
මිදුම්කාර දෙවිඳාණෝ මොක් සුව දෙති.
6දෙවිඳුන් සොයා යන්නෝ ද ජාකොබ්ගේ දෙවිඳුන්ගේ සරණ පතා යන්නෝ ද එවැනි අය ය.
7ද්වාරයෙනි, විවෘත ව සිටින්න;
පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න;
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
8ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද?
තෙද බල යුතු හිමිතුමාණෝ ය;
යුද්ධ ජයගත් හිමිතුමාණෝ ය.
9වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න;
පැරණි දොරටු විවෘත කොට තබන්න.
ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
10මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද?
ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමිතුමාණෝ වෙති.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 24: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න