ගීතාවලිය 21
21
විජයශ්‍රීය ගැන ප්‍රශංසා
දාවිත්ගේ ගීතයකි.
1සමිඳාණන් වහන්ස, ඔබේ බල පැරකුම් ගැන රජ තෙමේ උදන් අනයි;
ඔබ දුන් විමුක්තිය ගැන ඔහු කොතරම් ප්‍රමෝද වන්නේ ද!
2ඔබ ඔහුගේ මන දොළ පුරවා ලූ සේක;
ඔහුගේ යාදිනි නොපිරිහෙළා ඉටු කළ සේක.
3ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක;
ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.
4ඔහු ඔබෙන් දිවි සම්පත අයැදී ය, ඔබ ඔහුට එය දුන් සේක;
දිගායු ද ප්‍රදානය කළ සේක.
5ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි.
කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක.
6ඔබ ඔහුට සදහට ම ඉමහත් ආසිරි දානය කරන සේක;
ඔබ ඔහු සමඟ සිටීමෙන් ඇති වන ප්‍රීතියෙන් ඔහු පිනවන සේක.
7මන්ද, සමිඳුන් කෙරේ රජ තෙමේ විශ්වාසය තබයි;
මහෝත්තමයාණන්ගේ කරුණා මහිමය නිසා ඔහු නොසැලී රජකම් කරයි.
8රජුගේ වමතට සියලු සතුරෝ ද දකුණතට වෛර බඳින්නෝ ද අසු වන්නෝ ය.
9ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමිතුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක.
ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.
10ඔබ ඔවුන්ගේ දූ දරුවන් සිඳ දමන සේක;
ඔවුන්ගේ මුණුබුරන් මිනිස් ලොවින් සහමුලින් වනසන සේක.
11මන්ද, ඔබට විරුද්ධ ව ඔවුන් කුමන්ත්‍රණය කළත්, උපා මාර්ග යෙදුවත් ඒවා සාර්ථක නොවනු ඇත.
12ඔබේ ඊගස් ඔවුන්ගේ මුහුණට එල්ල කරනු ඇත;
එවිට ඔවුන් පිටුපා යනු ඇත.
13සමිඳුනි, ඔබේ වික්‍රම පාමින් උසස් වනු මැනව.
එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමු.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 21: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: