ගීතාවලිය 145
145
දෙවි රජිඳුන්ට ප්‍රශස්ති ගීතයක්
දාවිත්ගේ ගීතයකි.
1මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි.
ඔබ නම සදාකල් ම පසසමි.
2සැම දා ඔබට තුති පුදමි;
සදාකල් ඔබ නම පසසමි.
3සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය.
එතුමාණන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.
4පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති;
ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.
5මම ඔබේ රජ සිරි තෙද මහිමයත්, ඔබේ අරුමපුදුම ක්‍රියාත් මෙනෙහි කරන්නෙමි.
6දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය;
මම ඔබේ උතුම්කම පවසන්නෙමි.
7ඔව්හු ඔබේ මහා යහපත්කමේ පුවත ප්‍රකාශ කරති;
ඔබේ දැහැමිකම ගැන ගී ගයති.
8සමිඳාණෝ දයාවන්ත ය.
අනුකම්පාවෙන් පූර්ණ ය;
වහා නොකිපෙන සුලු ය;
තිරසර පෙමින් යුතු ය.
9සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක;
එතුමාණන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි.
10සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි;
ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති.
11ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති.
ඔබේ බල මහිමය ගැන ද කතා කරති.
12එසේ කරන්නේ, දෙවිඳුන්ගේ ප්‍රබල ක්‍රියාත්, රාජ්‍යයේ තේජෝ මහිමයත් මිනිසුන් හට දන්වන පිණිස ය.
13ඔබේ රාජ්‍යය සදාකාලික ය, ඔබේ ආධිපත්‍යය ද සියලු පරම්පරාවල ම පවත්නේ ය.
සමිඳාණෝ සියලු පොරොන්දු ඉටු කරන සේක.
තමන් කරන සියල්ලේ දී මෙත් සිත් වඩන සේක.
14වැටෙන දුබලුන් හට සමිඳාණෝ ආධාර කරන සේක.
නැමී සිටින සියල්ලන් කෙළින් සිටුවන සේක.
15සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ.
ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක.
16ඔබ සිය හස්තය විදහා පාන සේක;
ජීවමාන සියල්ලන්ගේ ආසාවන් සපුරාලන සේක.
17සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමාණන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.
18අයැදින සියල්ලන්ට සමිඳාණෝ ළං ව සිටින සේක.
අවංක සිතින් යදින්නන්ට ආසන්න ව සිටින සේක.
19තමන් කෙරෙහි ගරුබිය ඇත්තන්ගේ පැතුම් එතුමාණෝ ඉටු කරන සේක.
ඔවුන්ගේ මොරගැසීම් අසා ඔවුන් ගළවන සේක.
20සමිඳාණෝ තමන්ට ප්‍රේම කරන සියල්ලන් ආරක්ෂා කරන සේක.
එහෙත්, සියලු දුදනන් වනසාලන සේක.
21මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි.
සව් සත සදාකල් ම එතුමාණන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 145: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

:
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න