ගීතාවලිය 140
140
දුදනන්ගෙන් ආරක්ෂාව පතා අයැදීම
දාවිත්ගේ ගීතයකි.
1සමිඳාණන් වහන්ස, දුදනන්ගෙන් මා ගැළෙවුව මැනව.
සැහැසිකම් කරන අයගෙන්, මා ආරක්ෂා කළ මැනව.
2ඔව්හු නපුරු සිතින් උපා යොදති. නොකඩ ව ම අඬදබර උපදවති.
3 #
රෝම 3:13
ඔවුන්ගේ දිව විසකුරු සපුන්ගේ දළ මෙන් තියුණු ය.
ඔවුන්ගේ වචන පොළොං විස වැන්න.
4සමිඳුනි, දුදනන්ගේ අතින් මා මුදාගත මැනව.
සැහැසිකම් කරන අයගෙන් මා ආරක්ෂා කළ මැනව.
ඔව්හු මාගේ පැකිළීමට උපා යොදති.
5උඩඟු අය මට උගුල් අටවා රැහැන් ඇද්දෝ ය.
ඔව්හු මඟ අසල දැලක් එළා මට මලපත් තැබූ හ.
6‘ඔබ මාගේ දෙවිඳාණෝ ය’යි මම සමිඳුන් ඇමතුවෙමි.
සමිඳුනි, මාගේ කන්නලව්වට සවන් දුන් මැනව.
7මාගේ ගැළවීමේ ශක්තිය වන මහෝත්තම දෙවි ස්වාමීනි, සටනේ දී ඔබ මාගේ හිස වැස්මකින් ආරක්ෂා කළ සේක.
8සමිඳුනි, දුදනන්ගේ ආසාව ඉටු නොකළ මැනව.
ඔවුන්ගේ නපුරු උපා සාර්ථක වන්නට ඉඩ නුදුන මැනව.
9මා වට කරගෙන සිටින අයට ජය ගන්නට ඉඩ නොදෙන්න.
ඔවුන්ගේ තර්ජන ඔවුන් පිට ම වැටේ වා!
10ඔවුන් පිට ගිනි අඟුරු වැටේ වා!
ඔව්හු ගොඩ ගන්නට නොහැකි ගැඹුරු වළක හෙළනු ලබත් වා!
11නපුරු, කේළාම්කාර මිනිසාට දේශයෙහි සිටින්නට ඉඩ නුදුන මැනව.
සාහසිකයන් හෙළන පිණිස නපුරා වේගයෙන් ඔවුන් ලුහුබඳී වා!
12සමිඳුනි, ඔබ දුප්පතාගේ නඩුව සාධාරණ ලෙස අසන බවත්, දිළිඳාට යුක්තිය ඉටු කර දෙන බවත් මම දනිමි.
13සැබැවින් දැහැමියෝ ඔබේ නාමයට තුති පුදන්නෝ ය.
අවංක අය ඔබ අබිමුව යෙහෙන් වාසය කරන්නෝ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 140: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: