ගණන් කථාව 26:1-51

ගණන් කථාව 26:1-51 SNRV

වසංගතයෙන් පසු සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්ට කතා කොට, “මුළු ඉශ්රායෙල් ජනතා අතර, ඔවුන්ගේ පෙළපත් අනුව, හමුදාවට බැඳෙන්නට පුළුවන්, අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් සංගණනය කළ යුතු ය”යි වදාළ සේක. මෝසෙස් සහ පූජක එලෙයාසර් ජොර්දාන් ගඟබඩ මෝවබ් මිටියාවතේ, ජෙරිකෝව අසල දී, සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට සහ මිසර දේශයෙන් නික්ම ආ ඉශ්රායෙල් ජනයාට අණ කළ පරිදි අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන්ගේ සංගණනය ගත යුතු ය”යි කීහ. ඔව්හු වනාහි ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුල් පුත් රූබන් ය; මොහුගේ පරපුර නම්, හනොක්ගෙන් පැවතෙන හනොක් පවුල ය; පල්ලුගෙන් පැවතෙන පල්ලු පවුල ය; හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; කර්මීගෙන් පැවතෙන කර්මී පවුල ය; රූබන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්තුන්දාස් හත්සිය තිස්දෙනෙක් ය. පල්ලුගේ පුත්‍රයෝ නම් එලියාබ් ය. මොහුගේ පුත්‍රයෝ නම් නෙමුවෙල්, දාතාන් සහ අබිරාම් ය. දාතාන් සහ අබිරාම් නම් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට අයත්, මෝසෙස්ට හා ආරොන්ට අභියෝග කළ, සෙනඟ අතර සුප්‍රසිද්ධ දෙදෙනා ය. පොළොව පැළී ඔවුන් ගිලදැමී ය. ගින්නෙන් දෙසිය පනස්දෙනෙකු වැනසී ගිය විට, ඔවුන් සමඟ කෝරා සහ ඔහුගේ පිරිස ද මළහ. මෙසේ ඔව්හු අනතුරු ඇඟවීමේ ලකුණක් වූ හ. එහෙත්, කෝරාගේ දරුපරපුර නොමළෝ ය. පවුල් අනුව සිමියොන්ගේ දරුපරපුර නම්, නෙමුවෙල්ගෙන් පැවතෙන නෙමුවෙල් පවුල ය; ජාමීන්ගෙන් පැවතෙන ජාමීන් පවුල ය; ජාකීන්ගෙන් පැවතෙන ජාකීන් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; ෂාවුල්ගෙන් පැවතෙන ෂාවුල් පවුල ය. සිමියොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ඔවුන්ගේ මුළු ගණන විසි දෙදාස් දෙසීයයක් ය. පවුල් අනුව ගාද්ගේ පරපුර නම්, ශෙපොන්ගෙන් පැවතෙන ශෙපොන් පවුල ය; හග්ගීගෙන් පැවතෙන හග්ගී පවුල ය; ෂුනීගෙන් පැවතෙන ෂුනී පවුල ය; ඔශ්නිගෙන් පැවතෙන ඔශ්නි පවුල ය, ඒරීගෙන් පැවතෙන ඒරී පවුල ය; අරොද්ගෙන් පැවතෙන අරොද් පවුල ය; අරේලිගෙන් පැවතෙන අරේලි පවුල ය. ගාද්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්දාස් පන්සියයක් ය. ජුදාගේ පුත්‍රයෝ, ඒර් සහ ඕනාන් ය, මේ දෙදෙන කානාන් දේශයෙහි මළහ. පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය; පෙරෙශ්ගේ පරපුර නම් හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; හාමුල්ගෙන් පැවතෙන හාමුල් පවුල ය. ජුදාගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදාස් පන්සියයක් ය. පවුල් අනුව ඉස්සාකර්ගේ පරපුර නම්, තෝලාගෙන් පැවතෙන තෝලා පවුල ය; පුවාගෙන් පැවතෙන පුවා පවුල ය; ජාෂුබ්ගෙන් පැවතෙන ජාෂුබ් පවුල ය; ෂිම්රොන්ගෙන් පැවතෙන ෂිම්රොන් පවුල ය. ඉස්සාකර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහතරදාස් තුන්සියයක් ය. පවුල් අනුව සාබුලොන්ගේ පරපුර නම්, සෙරෙද්ගෙන් පැවතෙන සෙරෙද් පවුල ය; ඒලොන්ගෙන් පැවතෙන ඒලොන් පවුල ය; ජාලෙයෙල්ගෙන් පැවතෙන ජාලෙයෙල් පවුල ය. සාබුලොන්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටදාස් පන්සියයක් ය. පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මනස්සේ සහ එප්‍රායිම්ගෙන් ය. මනස්සේගේ පරපුර නම්, මාකීර් පවුල ය. මාකීර්ට දාව ගිලියද් උපන්නේ ය. මොහුගෙන් පැවතෙන පවුල ගිලියද් පවුල ය. ගිලියද්ගේ පරපුර නම්, ඊයෙසෙර්ගෙන් පැවතෙන ඊයෙසෙර් පවුල ය; හේලෙක්ගෙන් පැවතෙන හේලෙක් පවුල ය; අශ්‍රීයෙල්ගෙන් පැවතෙන අශ්‍රීයෙල් පවුල ය; ෂෙකෙම්ගෙන් පැවතෙන ෂෙකෙම් පවුල ය; ෂෙමිදාගෙන් පැවතෙන ෂෙමිදා පවුල ය; හේපෙර්ගෙන් පැවතෙන හේපෙර් පවුල ය. හෙපෙර්ගේ පුත් ශෙලෝපෙහාද්ට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියහ. ඒ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය. මනස්සේගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්දෙදාස් හත්සියයක් ය. පවුල් අනුව එප්‍රායිම්ගේ පරපුර නම්, ෂුතෙලාගෙන් පැවතෙන ෂුතෙලා පවුල ය; බෙකෙර්ගෙන් පැවතෙන බෙකෙර් පවුල ය; තහන්ගෙන් පැවතෙන තහන් පවුල ය. ෂුතෙලාගේ පරපුර නම් එරාන්ගෙන් පැවතෙන එරාන් පවුල ය. එප්‍රායිම්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන තිස්දෙදාස් පන්සියයක් ය. පවුල් අනුව ජෝසෙප්ගේ පරපුර මොවුහු ය. පවුල් අනුව බෙන්ජමින්ගේ පරපුර නම්, බෙලාගෙන් පැවතෙන බෙලා පවුල ය; අෂ්බෙල්ගෙන් පැවතෙන අෂ්බෙල් පවුල ය; අහිරාම්ගෙන් පැවතෙන අහිරාම් පවුල ය; ෂෙපුපාම්ගෙන් පැවතෙන ෂෙපුපාම් පවුල ය, හුපාම්ගෙන් පැවතෙන හුපාම් පවුල ය. බෙලාගේ පරපුර ඔහුගේ පුත්‍රයන් වන ආර්ද් සහ නාමාන් ය. ඒ පරපුර ආර්ද්ගෙන් පැවතෙන ආර්ද් පවුල හා නාමාන්ගෙන් පැවතෙන නාමාන් පවුල ය. බෙන්ජමින්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන සතළිස්පන්දාස් හයසියයක් ය. පවුල් අනුව දාන්ගේ පරපුර නම් ෂුහාම්ගෙන් පැවතෙන ෂුහාම් පවුල ය. දාන්ගේ පරපුරට අයත් පවුල එය වේ. ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය. පවුල් අනුව ආෂෙර්ගේ පරපුර නම්, ඉම්නාගෙන් පැවතෙන ඉම්නා පවුල ය; ඉෂ්වීගෙන් පැවතෙන ඉෂ්වී පවුල ය; බෙරියාගෙන් පැවතෙන බෙරියා පවුල ය; බෙරියාගේ පරපුර නම්, හේබෙර්ගෙන් පැවතෙන හේබෙර් පවුල ය. මල්කියෙල්ගෙන් පැවතෙන මල්කියෙල් පවුල ය. ආෂෙර්ගේ දුව සෙරා ය. ආෂෙර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්තුන්දාස් හාරසියයක් ය. පවුල් අනුව නප්තලීගේ පරපුර නම්, ජාශීල්ගෙන් පැවතෙන ජාශීල් පවුල ය; ගුණීගෙන් පැවතෙන ගුණී පවුල ය, ජේශෙර්ගෙන් පැවතෙන ජේශෙර් පවුල ය; ෂිල්ලෙම්ගෙන් පැවතෙන ෂිල්ලෙම් පවුල ය. නප්තලීගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හතළිස්පන්දාස් හාරසියයක් ය. ඉශ්රායෙල් ජනයා අතරින් ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හයලක්ෂ එක්දාස් හත්සිය තිස්දෙනෙකි.

ගණන් කථාව 26:1-51 සඳහා වීඩියෝව