ශුද්ධවර මාක් 14:60-64

ශුද්ධවර මාක් 14:60-64 SNRV

උත්තම පූජකයා ද ඔවුන් ඉදිරියෙහි නැඟිට, “ඔබ පිළිතුරක් දෙන්නේ නැද් ද? මොවුන් ඔබට විරුද්ධ ව ගෙනෙන සාක්ෂි මොනවා දැ”යි ජේසුස් වහන්සේගෙන් ඇසී ය. එහෙත්, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක. යළිත් උත්තම පූජකයා කතා කොට, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය. ජේසුස් වහන්සේ ද, “එසේ ය, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ”යි වදාළ සේක. එකල උත්තම පූජකයා තම සළුව ඉරාගෙන, “තවත් සාක්ෂිකරුවන්ගෙන් අපට මොන වැඩක් ද? දේවාපහාසය ඔබට ම ඇසුණේ ය; ඔබේ තීරණය කිමෙක් දැ”යි ඇසුවේ ය. සියල්ලෝ ම ඒකමතික ව උන් වහන්සේ මරණයට සුදුස්සෙකැ යි එකහෙළා තීරණය කළහ.