ශුද්ධවර මතෙව් 8:25-26

ශුද්ධවර මතෙව් 8:25-26 SNRV

එවිට ඔව්හු අවුත්, උන් වහන්සේ අවදි කරවා, “ස්වාමීනි, අප ගැළෙව්ව මැනව; අප විනාශ වන්න ළඟ යැ”යි කී හ. උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.