ශුද්ධවර මතෙව් 27:3-8
ශුද්ධවර මතෙව් 27:3-8 SNRV
උන් වහන්සේ පාවා දුන් ජූදස්, උන් වහන්සේ වරදට පත් කරනු ලැබූ බව දැක, ශෝකයෙන් පෙළී, රිදී මිල තිහ නායක පූජකවරුන් ද ප්‍රජා මූලිකයන් ද වෙත ආපසු ගෙන ගොස්, “නිදොස් කෙනෙකු මරණයට පාවා දීමෙන් මම පව් කෙළෙමි”යි කී ය. එහෙත් ඔව්හු, “එයින් අපට කමක් නැත, ඔබ ම එය බලාගන්නැ”යි කී හ. එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි වීසි කොට දමා, නික්ම ගොස් එල්ලී මළේ ය. නායක පූජකවරු ඒ රිදී මිල ගෙන, “මේවා ලේ-මිල බැවින් දේව මාලිගාවේ මුදල් ගබඩාවට දැමීම යුතු නැතැ”යි කී හ. එසේ කියා ඔව්හු මන්ත්‍රණය කොට, විජාතීන් සඳහා සුසාන භූමියක් වන පිණිස ඒ මුදලින් ‘කුඹල් කෙත’ මිල දී ගත්හ. එහෙයින් අද දක්වා ඒ කෙතට ‘ලේ කෙත’ යයි කියනු ලැබේ.


