ශුද්ධවර මතෙව් 14:15-17
ශුද්ධවර මතෙව් 14:15-17 SNRV
සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ. “ඔවුන් යවන්නට වුවමනාවක් නැත; ඔබ ඔවුන්ට කන්න දෙන්නැ”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු ද, “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ.

