ශුද්ධවර මතෙව් 12:18-23

ශුද්ධවර මතෙව් 12:18-23 SNRV

“මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි; එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි. ඔහු කලහ කරන්නේ නැත: මොරගසන්නේ නැත; ඔහුගේ කටහඬ ද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත. ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත; දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත. විජාතීහු ඔහු කෙරෙහි බලාපොරොත්තු තබති.” එවිට දුෂ්ටාත්මාවේශ වූ, අන්ධ, ගොළු මිනිසෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔහු සුව කළ සේක. ඒ ගොළුවාට කතා ශක්තිය සහ ඇස් පෙනීම ලැබිණි. මුළු ජනකාය විස්මපත් වූ හ. ඔව්හු, “මෙතුමාණන් දාවිත්ගේ පුත්‍රයා විය හැකි දැ”යි ඇසූ හ.

ශුද්ධවර මතෙව් 12:18-23 බයිබල් පදය සහිත රූපය

ශුද්ධවර මතෙව් 12:18-23 - “මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි;
එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි.
ඔහු කලහ කරන්නේ නැත:
මොරගසන්නේ නැත;
ඔහුගේ කටහඬ ද වීදිවල කිසිවෙකුට ඇසෙන්නේ නැත.
ඔහු යුක්තිය ජයට පමුණුවන තුරු තැළුණු බට දණ්ඩක් බිඳින්නේ නැත;
දුම් නඟින පහන් තිරයක් නිවන්නේ නැත.
විජාතීහු ඔහු කෙරෙහි බලාපොරොත්තු තබති.”


එවිට දුෂ්ටාත්මාවේශ වූ, අන්ධ, ගොළු මිනිසෙක් උන් වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔහු සුව කළ සේක. ඒ ගොළුවාට කතා ශක්තිය සහ ඇස් පෙනීම ලැබිණි. මුළු ජනකාය විස්මපත් වූ හ. ඔව්හු, “මෙතුමාණන් දාවිත්ගේ පුත්‍රයා විය හැකි දැ”යි ඇසූ හ.