ජූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ් හා ශෙරා ද, පෙරෙශ්ට දාව හෙශ්රොන් ද, හෙශ්රොන්ට දාව ආරාම් ද, ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද, සල්මොන්ට දාව රාහාබ්ගෙන් බෝවස් ද, බෝවස්ට දාව රූත්ගෙන් ඕබෙද් ද, ඕබෙද්ට දාව ජෙස්සේ ද, ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය.
දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්රියගෙන් සලමොන් ද, සලමොන්ට දාව රෙහොබෝවම් ද, රෙහොබෝවම්ට දාව අබියා ද, අබියාට දාව ආසප් ද, ආසප්ට දාව ජෙහොෂාපාත් ද, ජෙහොෂාපාත්ට දාව ජෝරාම් ද, ජෝරාම්ට දාව උශ්ශියා ද, උශ්ශියාට දාව ජෝතාම් ද, ජෝතාම්ට දාව ආහස් ද, ආහස්ට දාව හෙසකියා ද, හෙසකියාට දාව මනස්සේ ද, මනස්සේට දාව ආමොස් ද, ආමොස්ට දාව ජෝසියා ද, බබිලෝනියට විප්රවාසගතවීම සිදුවූ මේ කාලයේ දී ජෝසියාට දාව ජෙකොනියා ද ඔහුගේ සහෝදරයෝ ද උපන්නෝ ය.
බබිලෝනියේ විප්රවාසයෙන් පසු ජෙකොනියාට දාව ෂෙයල්තියෙල් ද, ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් ද, සෙරුබාබෙල්ට දාව අබියුද් ද, අබියුද්ට දාව එලියාකිම් ද, එලියාකිම්ට දාව ආශොර් ද, ආශොර්ට දාව සාදොක් ද, සාදොක්ට දාව ආකීම් ද, ආකීම්ට දාව එලියුද් ද, එලියුද්ට දාව එලෙයාසර් ද, එලෙයාසර්ට දාව මත්තාන් ද, මත්තාන්ට දාව ජාකොබ් ද, ජාකොබ්ට දාව මරිය තුමීගේ පුරුෂයා වූ ජෝසෙප් ද උපන්නෝ ය; මරිය තුමීගෙන් ක්රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන් සේක.