ලෙවී ව්‍යවස්ථාව 18
18
කාමයෙහි වරදවා හැසිරීම
1සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, 2“ඉශ්රායෙල් ජනයාට කතා කොට ඔවුන්ට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. 3නුඹලා වාසය කළ මිසර දේශයෙහි වැසියන්ගේ ක්‍රියා නුඹලා අනුගමනය නොකළ යුතු ය. තවද, මා නුඹලා පමුණුවන්නට යන කානාන් දේශයේ වැසියන්ගේ ක්‍රියා ද අනුගමනය නොකළ යුතු ය. ඔවුන්ගේ නියෝගයන්ට ද කීකරු නොවිය යුතු ය. 4නුඹලා මාගේ විනිශ්චයයන් ඉටු කරමින්, නියෝග පවත්වමින් ඒවාට කීකරු විය යුතු ය. මම වනාහි නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි. 5#නෙහෙ 9:29; එසකි 18:9; 20:11-13; ලූක් 10:28; රෝම 10:5; ගලා 3:12මාගේ නීති හා විනිශ්චයයන් නුඹලා පිළිපැදිය යුතු ය. යමෙක් ඒවා ඉටු කරන්නේ ද ඔහු ඒ මඟින් ජීවත් වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
6“නුඹලාගෙන් කිසිවෙකු කිට්ටු ඥාතියෙකුගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය. 7නුඹේ මවගේ නිරුවත අනාවරණය කොට නුඹේ පියාට නින්දා නොකළ යුතු ය. ඈ නුඹේ මව බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 8#ලෙවී 20:11; ද්වි.නී. 22:30; 27:20නුඹේ පියාගේ බිරිඳකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එසේ කිරීම නුඹේ පියාට කරන නින්දාවකි. 9#ලෙවී 20:17; ද්වි.නී. 27:22ගෙදර උපන් හෝ අන් තැනක උපන් හෝ නුඹේ පියාගේ හෝ මවගේ හෝ දුව වන නුඹේ සහෝදරියගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 10නුඹේ පුතෙකුට උපන් හෝ දුවකට උපන් හෝ නුඹේ මිණිබිරියකගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය නුඹට ම කරගන්න නින්දාවකි. 11නුඹේ පියාට දාව උපන්, ඔහුගේ වෙන කසාදයක දුව, නුඹේ සොහොයුරිය වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 12#ලෙවී 20:19-20නුඹේ පියාගේ සොහොයුරිය, නුඹේ පියාගේ කිට්ටු නෑයෙකු බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 13නුඹේ මවගේ සොහොයුරිය, නුඹේ මවගේ කිට්ටු නෑයෙකු බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 14නුඹේ පියාගේ සහෝදරයාගේ බිරිඳ නුඹේ කුඩම්මා වන බැවින් ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 15#ලෙවී 20:21නුඹේ ලේලි, නුඹේ පුතාගේ බිරිඳ වන බැවින්, ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 16#ලෙවී 20:21නුඹේ සහෝදරයාගේ බිරිඳගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. එය ඔහුට කරන නින්දාවකි. 17#ලෙවී 20:14; ද්වි.නී. 27:23නුඹ යම් ස්ත්‍රියකගේ නිරුවත අනාවරණය කළ පසු ඇගේ දුවගේ හෝ ඇගේ මිණිබිරියගේ හෝ නිරුවත අනාවරණය නොකළ යුතු ය. ඔවුන් කිට්ටු නෑයන් වන බැවින් එසේ කිරීම දුෂ්ටකමකි. 18නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.
19 #
ලෙවී 20:18
“යම් ස්ත්‍රියකගේ ඔසප් වීමේ කාලයේ දී ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය. 20#ලෙවී 20:10තවද, වෙනත් මිනිසෙකුගේ භාර්යාවක සමඟ සයනය නොකරන්න. එසේ කළොත්, ඔබ කෙලෙසෙනු ඇත. 21#ලෙවී 20:1-5නුඹේ දෙවියන් වහන්සේට අපහාස නොකළ යුතු බැවින්, නුඹ කිසි ම දරුවෙකු මොලෙක් නම් දෙවියාට පූජා නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ ය. 22#ලෙවී 20:13නුඹ ස්ත්‍රියක සමඟ සයනය කරන අයුරින් ම පිරිමියෙකු සමඟ ද නොහැසිරිය යුතු ය. මෙසේ කිරීම පිළිකුලකි. 23#නික්ම 22:19; ලෙවී 20:15-16; ද්වි.නී. 27:21නුඹ හෝ කිසි ම ස්ත්‍රියක හෝ මෘගයෙකු සමඟ මෛථූනයෙහි නොයෙදිය යුතු ය. එසේ කිරීම අස්වාභාවික දූෂණයකි.
24“මෙවැනි ක්‍රියා කිසිවකින් නුඹ කෙලෙසා නොගන්න. මෙවැනි දේ කිරීමෙන් විජාතීහු තමන් කෙලෙසාගත්හ. නුඹලා යන්නට කලින් මම ඔවුන් ඒ රටින් පන්නාදමමි. 25ඔව්හු එසේ හැසිර දේශය කෙලෙසාගත්හ. එබැවින් මම ඔවුන්ගේ දුෂ්ටකමට දඬුවම් දෙමි. ඒ දේශය පවා තම වැසියන් නෙරපා දමන්නේ ය. 26එබැවින් නුඹලා මාගේ නීති ද විනිශ්චයයන් ද පවත්වා මෙවැනි කිසි ම පිළිකුල් ක්‍රියාවක් නොකටයුතු ය. නුඹලා අතරෙන් යමෙකු හෝ නුඹලා අතර වසන ඕනෑ ම විදේශිකයෙකු හෝ එවැන්නක් නොකළ යුතු ය. 27නුඹලාට කලින් ඒ දේශවාසීහු මේ සියලු පිළිකුල්කම් කළහ. එසේ කිරීමෙන් දේශය දූෂ්‍ය විය. 28නුඹලාට කලින් ඔවුන් එසේ කර, දේශය එහි වැසියන් නෙරපාදැමී ය. එලෙස ම නුඹලාත් දේශය කෙලෙසුවොත්, දේශය නුඹලාත් නෙරපාදමනු ඇත. එබැවින් එලෙස නොකිරීමට වග බලාගත යුතු ය. 29යමෙකු මෙවැනි පිළිකුල්කම් කිසිවක් කළොත්, එවැන්නෙකු ඔවුන්ගේ සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබිය යුතු ය.
30“එබැවින් නුඹලා මාගේ නියෝගයන් පිළිපැදිය යුතු ය. නුඹලාට කලින් කරන ලද මෙකී පිළිකුල් සිරිත්වලින් කිසිවක් නුඹලා නොකළ යුතු ය. එවිට ඒවායින් නුඹලා කෙලෙසා නොගන්නහු ය. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”
දැනට තෝරාගෙන ඇත:
ලෙවී ව්‍යවස්ථාව 18: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: