ජෝබ් 15
15
එලිපස්ගේ දෙ වන කතාව
1ඊට පිළිතුරු වශයෙන් තේමානීය එලිපස් මෙසේ කී ය:
2“සිහි නුවණ ඇති කිසිවෙක් සුළඟක් වැනි පුහු ප්‍රලාප දොඩයි ද?
වැදගැම්මකට නැති වචනවලින් සිය සිත් පුරවා ගනු ඇද් ද?
3ඔහු නිෂ්ඵල වචන හා වැඩක් නැති කතාවලින් තර්ක කරනු ඇද් ද?
4ඔබ දේව භක්තිය ඉවත ලා දෙවිඳුන් ඉදිරියෙහි භාවනා නවත්වා ඇත.
5ඔබේ ම වචනවලින් ඔබ වරදකරු බව පෙනෙයි.
චාටු කතාවලින් ඔබ නිවැරැදි වන්න සොයයි.
6ඔබ වරදට පත් කරන්නේ ඔබේ ම වචනය වේ;
මම නොවෙමි.
ඔබේ ම මුඛය ඔබට විරුද්ධ ව සාක්ෂි දරයි.
7“මෙලොව උපන් පළමු වන මිනිසා ඔබ යයි ඔබ සිතන්නෙහි ද?
ඔබ කඳු හෙල්වලට පෙර බිහි වුණෙහි ද?
8දෙවිඳුන්ගේ රහස් මන්ත්‍රණවලට ඔබ සවන් දී ඇද් ද?
මිනිස් ප්‍රඥාව ඇත්තේ ඔබට පමණකැ යි සිතන්නෙහි ද?
9අපට නොමැති දැනුමක් ඔබට ඇත්තේ ද?
අපට නැති තීක්ෂණ බුද්ධියක් ඔබ සතු ව ඇත්තේ ද?
10ඔබේ පියාට වඩා වයෝවෘද්ධ, කෙස් පැසුණු පැරැන්නෝ අප අතර සිටිත්.
11දෙවිඳාණන් ඔබ සවනතට මෘදු ලෙස කොඳුරා කියන අස්වැසිලි වදන් ඔබ අගේ නොකරන්නෙහි ද?
12ඔබේ සිත දමනය කිරීමට ඔබ අසමත් ද?
ඔබේ දෙනෙත ගිනි පුපුරු මෙන් දිළිසෙන්නේ මන් ද?
13දෙවිඳුන්ට විරුද්ධ ව නැඟී සිට මෙවැනි වචන ඔබ දොඩන්නේ මන් ද?
14 #
ජෝබ් 25:4-6
පවට නැමුණු මිනිසාට සුපිරිසිදු කෙනෙකු විය හැකි ද?
මව් කුසින් උපන් කවරෙකු කොතෙක් දැහැමි වනු ඇද් ද?
15දෙවිඳාණෝ සැදැහැවතුන් වුව ද විශ්වාස නොකරන සේක;
සගලොව වුව ද එතුමන් ඉදිරියෙහි පිරිසිදු නැත.
16එසේ නම්, දිය මෙන් අපරාධ බොන, පිළිකුල්, පවිටු මිනිසා ගැන කියනුම කවරේ ද?
17“මට සවන් දෙන්න.
මම කරුණු පහදා දෙමි.
අත්දැකීමෙන් ලත් මාගේ දැනුම විස්තර කරමි.
18ප්‍රාඥයෝ සිය මුතුන්මිත්තන්ගෙන් අසා දැනගත් දෙය නොවළහා පවසති.
19දේශය ඔවුන්ට ම හිමි ව තිබිණි;
පිටරැටියෝ ඔවුන් අතර නොවූ හ.
20දුෂ්ටයා ජීවිතයේ සියලු දවස්වල ද සාහසිකයා දිවි ඇති තාක් ද දුක් වේදනාවෙන් පෙළෙනු ඇත.
21බියකරු හඬ ඔහුගේ සවනත රැව් දෙයි.
සුව සේ සිටින විට පවා සොර සතුරෝ ඔහුට පහර දෙති.
22අඳුරු මරු මුවින් මිදීමේ බලාපොරොත්තුවක් ඔහුට නැත.
කඩු පහර තමාගේ ඉරණම බව ඔහුට සහතික ය.
23ගිජු ලිහිණියන්ට ගොදුරු වීම ඔහුට නියම වී ඇත.
තමාගේ විනාශය ළඟ බව ඔහුට සහතික ය.
24අඳුරු දවස ඔහු බිය ගන්වයි.
සටනට සැරසුණු බලවත් නිරිඳෙකු මෙන් විපත්තිය හා වේදනාව ඔහුට පහර දෙයි.
25මන්ද, ඔහු දෙවිඳුන්ට විරුද්ධ ව අත අමෝරා ගත්තේ ය;
සව් බලැති දෙවිඳුන්ට එරෙහි ව අභියෝග කෙළේ ය.
26සිය දැවැන්ත පලිහ ඔසවාගෙන හිතුවක්කාරකමින් එතුමන්ට විරුද්ධ ව දිව ගියේ ය.
27ඔහුට තරබාරුකමින් පිපුණ මුහුණක් ද තරකමින් නෙරා ගිය තුනටියක් ද ඇත.
28ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය;
ගරා වැටුණු ගෙවල වාසය කෙළේ ය;
ඒවා ගල් ගොඩවල් බවට පත් වන්නේ ය.
29එහෙත්, ඔහු සමෘද්ධ නොවන්නේ ය;
ඔහුගේ වස්තුව නොපවතින්නේ ය, මෙලොව ඔහුට ස්ථිර ජීවිතයක් නැත.
30ඔහු දුක’ඳුරෙන් එළියට එන්නේ නැත.
ඔහු ගිනි දලුවෙන් වියළී ගිය අතු ඇති,
මල් සුළඟට ගසාගෙන ගිය ගසක් මෙන් වනු ඇත.
31දුෂ්ටකමෙහි විශ්වාසය තැබීමෙන් ඔහු තමා ම රවටා ගනියි.
මෙසේ දුෂ්ටකම ඔහුගේ දුර්විපාකය වනු ඇත.
32ඔහු, අකලට වියළී යන අතු ඇති, කිසි දා අතු විහිදී නොයන තාල වර්ග ගසක් මෙන් වනු ඇත.
33ඔහු, පැසෙන්නට පෙර ගෙඩි වැටී යන මිදි වැලක් ද මල් පර වී වැටෙන ඔලීව ගසක් ද වැනි ය.
34මන්ද, අභක්තිකයන්ට දරු පරපුරක් නොලැබෙනු ඇත.
අල්ලෙසන් පොහොසත් වූ ඔවුන්ගේ ගේදොර ගින්නෙන් දැවී යනු ඇත.
35අයුක්තිය පිළිසිඳගෙන අපරාධය බිහි කරන අය මොවුහු ය.
මොවුන්ගේ සිත් වංචාවෙන් පිරී ඇත.”
දැනට තෝරාගෙන ඇත:
ජෝබ් 15: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: