ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන්, හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළ සේක. උන් වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන් වහන්සේ පසුපස්සේ ගියහ. එවිට ජේසුස් වහන්සේ කන්දකට නැඟී තමන්ගේ ශ්‍රාවකයන් සමඟ එහි වැඩහුන් සේක. ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි. ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල, තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක, “මොවුන් හැම දෙනාට ම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැ”යි පිලිප්ගෙන් ඇසූ සේක. උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස ය. මන්ද, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි. පිලිප් පිළිතුරු දෙමින්, “එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි දෙසියයක රොටි වුවත් නොසෑහේ ය”යි කී ය. ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ උන් වහන්සේ අමතා, “යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය. “මිනිසුන් හිඳුවන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. එතැන බොහෝ තණකොළ විය. ගණනින් පන්දහසක් පමණ පිරිමි එහි හිඳගත්හ. එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක. සියල්ලන්ට කැමැති තරම් කෑම ලැබුණේ ය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, “කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක. මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී.
ශුද්ධවර ජොහන් 6 කියවන්න
සවන් දෙන්න ශුද්ධවර ජොහන් 6
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ශුද්ධවර ජොහන් 6:1-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ