වීරාවලිය 4:6-8

වීරාවලිය 4:6-8 SNRV

ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න; මම ජාබින්ගේ සේනාවේ අධිපති සිසෙරා ද ඔහුගේ රථ ද ඔහුගේ හමුදාව ද කීෂොන් ඔය ළඟ නුඹ වෙත රැස් කර ඔහු නුඹේ අතට පාවා දෙන්නෙමි’ ”යි කීවා ය. බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය.