වීරාවලිය 17
17
මීකාගේ දේවාලය
1එප්‍රායිම් කඳු රටේ මීකා නම් මිනිසෙක් සිටියේ ය. 2ඔහු සිය මවට කතා කොට, “ඔබේ රිදී කාසි එක්දහස් එකසියය සොරකම් කරනු ලැබූ විට, ඔබ සොරා පිට සාපයක් තැබුවෙහි ය. ඔබ සාප කරනවා මට ඇසිණි. බලන්න, ඒ කාසි මා ළඟ ඇත. ඒවා ගත්තේ මම ය”යි කීවේ ය. ඔහුගේ මව, “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා”යි කීවා ය. 3ඔහු තමාගේ මවට රිදී කාසි එක්දහස් එකසියය නැවත දුන්නේ ය. එවිට ඔහුගේ මවු කතා කොට, “කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදීමට මම මේ රිදී මාගේ ම අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් සමිඳාණන් වහන්සේට සැබැවින් ම කැප කෙළෙමි. දැන් ඒවා මම නැවත ඔබට දෙමි”යි කීවා ය. 4ඔහු ඒ මුදල නැවත ඔහුගේ මවට දුන් කල, ඔහුගේ මව රිදී කාසි දෙසියයක් රැගෙන කම්කරුවෙකුට දුන්නා ය. ඔහු එයින් කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද සෑදුවේ ය. ඒවා මීකාගේ ගෙයි තිබුණේ ය.
5මීකා නම් මේ මිනිසාට දේවාලයක් තිබුණේ ය. ඔහු ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද සාදා තමාට පූජකයෙකු ව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත් කෙළේ ය. 6#වීරා 21:25ඒ කාලයේ දී ඉශ්රායෙල්හි රජ කෙනෙක් නොසිටියේ ය. එක් එක්කෙනා තම තමාට රිසි දේ කෙළේ ය.
7ජුදා පෙළපතට අයිති වූ ජුදයේ බෙත්ලෙහෙමේ සිට පැමිණි එක්තරා ලෙවීය තරුණයෙක් සිටියේ ය. ඔහු එහි ටික කලකට වාසය කළ කෙනෙකි. 8ඒ මිනිසා විසීමට තැනක් සොයන පිණිස ජුදයේ බෙත්ලෙහෙමෙන් පිටත් ව ගොස්, ගමන් කරනුයේ, එප්‍රායිම් කඳු රටේ මීකාගේ ගෙදරට පැමිණියේ ය. 9“ඔබ කොතැනින් ආවෙහි දැ”යි මීකා ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ජුදයේ බෙත්ලෙහෙමේ ලෙවීවරයෙක්මි; මට විසීමට තැනක් සොයා යමි”යි පිළිතුරු දුන්නේ ය.
10එවිට මීකා, “මා සමඟ වාසය කර, මට පිය කෙනෙකු ද පූජකයෙකු ද වන්න; මම ඔබට අවුරුදු පතා රිදී කාසි දසයක් හා ඇඳුම් කුට්ටමක් ද කෑම ද දෙන්නෙමි”යි ඔහුට කීවේ ය. 11එවිට ලෙවීවරයා ඇතුළු වී මීකා සමඟ වාසය කරන්නට සතුටු විය. ඔහු වනාහි මීකාට තමාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු මෙන් විය. 12මීකා ඒ ලෙවීවරයා පූජකයා වශයෙන් පත් කෙළේ ය. ලෙවීවරයා ඔහුගේ ගෙයි විසී ය. 13මීකා කතා කරමින්, “ලෙවීවරයෙකු මට පූජකකමට සිටින නිසා සමිඳාණන් වහන්සේ මට යහපත කරන සේකැ යි දැන් දනිමි”යි කී ය.
දැනට තෝරාගෙන ඇත:
වීරාවලිය 17: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: