යෙසායා 1:16-20

යෙසායා 1:16-20 SNRV

ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න. යහපත කරන්න ඉගෙන ගන්න; පීඩා විඳින්නන්ට පිහිට වන්න; අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න; වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න. ‘එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු’යි සමිඳාණෝ වදාරන සේක. “නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය; තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය. නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය. අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.” සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.

යෙසායා 1:16-20 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 1:16-20 - ස්නානය කොට පිරිසිදු වන්න;
මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න.
නපුරුකම් තවත් නොකරන්න.
යහපත කරන්න ඉගෙන ගන්න;
පීඩා විඳින්නන්ට පිහිට වන්න;
අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න;
වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න.
මෙසේ යුක්තිය ඉටු කරන්න.
‘එන්න, අපි මේ ගැන සාකච්ඡා
කරමු’යි සමිඳාණෝ වදාරන සේක.
“නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය;
තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.
නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය.
අකීකරු වී කැරලි ගසන්නහු නම්
කඩුවෙන් මැරුම් කන්නහු ය.”
සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.යෙසායා 1:16-20 - ස්නානය කොට පිරිසිදු වන්න;
මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න.
නපුරුකම් තවත් නොකරන්න.
යහපත කරන්න ඉගෙන ගන්න;
පීඩා විඳින්නන්ට පිහිට වන්න;
අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න;
වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න.
මෙසේ යුක්තිය ඉටු කරන්න.
‘එන්න, අපි මේ ගැන සාකච්ඡා
කරමු’යි සමිඳාණෝ වදාරන සේක.
“නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය;
තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.
නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය.
අකීකරු වී කැරලි ගසන්නහු නම්
කඩුවෙන් මැරුම් කන්නහු ය.”
සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.