හෙබ්‍රෙව් 7:21-24

හෙබ්‍රෙව් 7:21-24 SNRV

එහෙත් උන් වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇති ව ය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත: “ ‘ඔබ සදහට ම පූජකයෙකැ’යි සමිඳාණන් වහන්සේ දිවුරුම් දුන් සේක, ඒ දිවුරුම උන් වහන්සේ නිෂ්ප්‍රභ නොකරන සේක.” මෙසේ ජේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක ඇපකාරයාණන් ද වී සිටින සේක. තවද, මරණය හේතුකොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංබ්‍යාව, විශාල විය. එහෙත් ජේසුස් වහන්සේ සදහට ම පවතින හෙයින් උන් වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකි ය.