එසේ නොව, ශුද්ධ ලියවිල්ලෙහි යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි. “ඔබ, මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක් ද? නොහොත්, යම් මිනිසෙකු ගැන සලකන්නට තරම් ඔහු සතු වටිනාකම කිමෙක් ද? ඔබ ඔහු, ටික කලකට දේව දූතයන්ට වඩා පහත් කළ සේක. ඔබ තෙජස ද ගෞරවය ද නමැති කිරුළ ඔහුට පැළඳ වූ සේක. ඔබ ඔහුගේ පාදවලට සියල්ල ම යටත් කළ සේක.” එසේ ය, උන් වහන්සේ සියල්ල මිනිසාට යටත් කළ සේකැ යි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තව ම අපට නොපෙනේ. එහෙත් අපට පෙනෙන්නේ, දේව දූතයන්ට වඩා මඳක් පහත් කරනු ලැබූ නමුත්, දිවි පිදූ නිසා, තේජස හා ගෞරවය නමැති කිරුළ පැළඳ සිටින ජේසුස් වහන්සේ ය. එසේ වූයේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන නිසා ය. මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.
හෙබ්‍රෙව් 2 කියවන්න
සවන් දෙන්න හෙබ්‍රෙව් 2
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: හෙබ්‍රෙව් 2:6-10
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ