එසකියෙල් 45
45
සමිඳුන්ට පුද කළ යුතු පූජක භූමි කොටස
1“තවද, නුඹලා දේශය උරුම කරගැනීමට පස ඇට දමන කල, දේශයෙන් ශුද්ධ කොටසක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්න. එහි දිග කිලෝමීටර් දොළහමාරකි. පළල කිලෝමීටර් පහකි. මේ මුළු කොටස ශුද්ධ භූමියක් විය යුතු ය. 2එක පැත්තක් මීටර් දෙසියපණහක් වන චතුරශ්‍රයක් ශුද්ධස්ථානයට වේ වා. ඊට තණ බිමක් පිණිස මීටර් විසිපහකුත් වටේට තිබේ වා. 3ඒ මිම්මෙන් කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මනින්න. ඒක තුළ ශුද්ධස්ථානය වන අතිශුද්ධස්ථානය වන්නේ ය. 4එය දේශයෙන් ශුද්ධ කොටසක් ය. එය සමිඳාණන් වහන්සේට සේවය කරන්න පැමිණෙන ශුද්ධස්ථානයේ සේවකයන් වන පූජකයන්ට අයිති වන්නේ ය. එය ඔවුන්ගේ නිවෙස්වලට ඉඩමක් ද ශුද්ධස්ථානයට ශුද්ධ තැනක් ද වන්නේ ය. 5කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් පහක් පළල ද ඇති ඉඩමක් මාලිගාවේ සේවකයන් වන ලෙවීවරුන් වාසය සඳහා පිහිටුවීමට නගර පිණිස උරුමයක් වේ වා.
6“නුවර කොටස පිණිස කිලෝමීටර් දොළහමාරක් දිග ද කිලෝමීටර් දෙකහමාරක් පළල ද ඇති ඉඩමක් ශුද්ධ කොටස ළඟ නියම කරන්න. එය මුළු ඉශ්රායෙල් වංශයට අයිති වන්නේ ය.”
අධිපතීන්ට අයිති කොටස
7“ශුද්ධ කොටසටත්, නුවරට අයිති කොටසටත් දෙපැත්තෙහි එනම්, ශුද්ධ කොටසටත්, නුවරට අයිති කොටසටත් යාව දිගට ම බස්නාහිර පැත්තෙහි සහ නැගෙනහිර පැත්තෙහි අධිපතියාට කොටස් වේ වා. ඒවායේ දිග බස්නාහිර සීමාවේ සිට නැගෙනහිර සීමාවට ඇති ගෝත්‍රයක කොටසට සමාන විය යුතු ය. 8දේශයෙහි ඉශ්රායෙල්වරුන් අතරෙහි එය ඔහුට කොටසක් වන්නේ ය. එසේ මාගේ අධිපතීන් මාගේ සෙනඟට තවත් පීඩා නොකර ඉශ්රායෙල් වංශයට ඔවුන්ගේ ගෝත්‍ර ප්‍රකාරයට දේශය දෙනු ඇත.”
අධිපතියාගේ අයුතුකම්
9මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙල් අධිපතිවරුනි! ඉතින් නුඹලා පව් කළ ප්‍රමාණය ඇත. බලහත්කාරය සහ කොල්ලකෑම ද පහකොට, යුක්තිය සහ ධර්මිෂ්ඨකම ද කර මාගේ සෙනඟට බලහත්කාර කිරීමෙන් වැළකෙන්නැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
10 #
ලෙවී 19:36
“හරි තරාදි ද හරි කිරුම් පඩි ද හරි මිම්මක් ද නුඹලාට තිබේ වා.
11“බාත් එකකට හෝමෙර් දසයෙන් කොටසක් ද ඒපාවට හෝමෙර් දසයෙන් කොටසක් ද හෝමෙර් එකක් ලීටර් එකසිය හැත්තෑපහක් ද අල්ලන පිණිස ඒපාව හා බාත් එක ප්‍රමාණය වන්නේ ය. ඒවායේ ප්‍රමාණය හෝමෙර්ට හරි ව තිබේ වා.
12“ෂෙකෙලට ගේරා විස්සක් ය. ෂෙකෙලය ග්‍රෑම් එකොළහයි දශම හතරකි. නුඹලාගේ මීනා එක ෂෙකෙල් හැටක් වන්නේ ය.
13“නුඹලා ඔප්පු කළ යුතු වූ එසවීමේ පූජාව නම්, තිරිඟු අස්වැන්නෙන් හැටෙන් එකකි. යව අස්වැන්නෙන් හැටෙන් එකකි. 14තෙල් සම්බන්ධ නියමය නම්, ගස්වලින් ලැබෙන තෙල් ප්‍රමාණයෙන් සියයෙන් කොටසකි. හෝමෙර් එකක් බාත් දහයකි; හෝමෙර් එක කොර් එකකි.
15“ඉශ්රායෙල්වරුන් උදෙසා සමඟිකමක් කිරීමට ආහාර පූජාවටත්, දවන යාග පූජාවටත්, සහභාගිකමේ පූජාවලටත් ඉශ්රායෙල් පවුල්වලට අයිති එළු බැටළු පට්ටිවලින් දෙසියයකින් එක සතෙකු බැගින් දෙන්නට යෙදේ වා”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
16“ දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය. 17අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”
මංගල්‍යයන්
(නික්ම 12:4-20; ලෙවී 23:33-43)
18“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: පළමු වන මාසයේ පළමු වන දා කැළලක් නැති ගොන් වස්සෙකු රැගෙන ශුද්ධස්ථානයේ දෝෂ පහකරන්න. 19පූජකයා ද පාප පූජාවේ ලේවලින් ස්වල්පයක් රැගෙන මාලිගාවේ උළුවස්සේ කණුවලත්, පූජාසනයේ අඩිතාලමේ කොන් සතරේත් ඇතුළු මළුවේ දොරටුවේ උළුවහු කණුවලත් ගාන්නේ ය. 20වැරදීමෙන් හෝ නොදැනුවත්කමෙන් හෝ යමෙකු පව් කළොත් මාසයේ සත් වන දවසේදීත් මාලිගාවේ එවැනි පූජාවක් ඔප්පු කළ යුතු ය. එලෙස කිරීමෙන් දේව මාලිගාව විශුද්ධ කරනු ඇත.
21 #
නික්ම 12:1-20; ගණන් 28:16-25 “පළමු වන මාසයේ දහහතර වන දින පටන් පාස්කු මංගල්‍යය සත් දවසක් පවත්වමින් මුහුන් නැති පූප කන්න. 22ඒ දවසේ දී අධිපතියා තමා උදෙසාත්, දේශයේ මුළු සෙනඟ උදෙසාත් ගොන් වස්සෙකු පාප පූජාවක් වශයෙන් පිළියෙළ කරන්නේ ය. 23ඔහු මංගල්‍යය පවත්වන දවස් සත තුළ සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ලෙස එක එක දවසට කැළලක් නැති ගොන් වස්සන් සත්දෙනෙකු ද බැටළුවන් සත්දෙනෙකු ද පාප පූජාවක් ලෙස දවසට එළුවෙකු ද පිළියෙළ කරන්නේ ය. 24ඔහු ආහාර පූජාවක් ලෙස ගොනෙකුට පිටි ලීටර් දහහතහමාරක් ද බැටළුවෙකුට ධාන්‍ය ලීටර් දහහතරහමාරක් ද ධාන්‍ය ලීටරයකට තෙල් ලීටර් තුනක් ද බැගින් පිළියෙළ කරන්නේ ය.
25 #
ලෙවී 23:33-36; ගණන් 29:12-38 “සත් වන මාසයේ පහළොස් වන දා මංගල්‍යයේ දී ඔහු එසේ ම සත් දවසක් ඒ පාප පූජාව ද දවන යාග පූජාව ද ආහාර පූජාව ද තෙල් ද පූජාව සඳහා පිළියෙළ කරන්නේ ය.”
දැනට තෝරාගෙන ඇත:
එසකියෙල් 45: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: