නික්මයාම 34:10-17

නික්මයාම 34:10-17 SNRV

එවිට උන් වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ සමඟ ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මිහි පිට වේවා, කිසි ම ජාතියක් අතර වේවා, කවදා වත් නොකළ අරුමපුදුම දේ මම නුඹේ සෙනඟ ඉදිරියෙහි සිදු කරමි. එවිට සමිඳාණන් වහන්සේ වන මට කරන්නට හැකි දේ නුඹ සමඟ සිටින සියලු සෙනඟ දැනගනු ඇත. මන්ද, නුඹ මඟින් මා කරන්න යන්නේ භයානක දෙයකි. අද දින මා නුඹට අණ කරන පනත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් මම පන්නාදමමි. නුඹ යන දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද, එය නුඹට මර උගුලක් වන්නට පුළුවන. තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි. “නුඹ අන් දෙවියෙකුට නමස්කාර නොකළ යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේ වන මාගේ නාමය, ‘ප්‍රතිවාදීන් නොඉවසන උතුමාණෝ’ යනු බැවින් මම ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් නුඹ දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකළ යුතු ය. මන්ද, ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන පුද පූජා ඔප්පු කරන බැවින්, නුඹ ද කැඳවූ කල, නුඹත් ඒ පිදේනිවලින් කන්න පුළුවන. ඇරත් නුඹේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් පාවා දී, ඔවුන්ගේ දූවරුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න කල නුඹලාගේ පුතුන් ද මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න පුළුවන. “වාත්තු කළ දෙව් පිළිම සාදා නොගත යුතු ය.

මෙයට අදාළ වීඩියෝ

නික්මයාම 34:10-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය