ක්‍රියා 28:7-10
ක්‍රියා 28:7-10 SNRV
ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය. තවද පබ්ලියස්ගේ පියා උණෙන් සහ අතීසාරයෙන් පෙළෙමින් ඔත්පල ව සිටියේ ය. පාවුලු ඔහු උන් තැනට ගොස් යාච්ඤා කොට, ඔහු පිට අත් තබා, ඔහු සුව කෙළේ ය. මෙය සිදු වූ කල දිවයිනේ අනෙක් රෝගීහු ද පැමිණ සුව කරනු ලැබූ හ. ඔව්හු අපට බොහෝ ගරු සම්මාන කොට, අප පිටත් ව යන කල අපට වුවමනා දේ නැවේ පැටෙව්වෝ ය.

