ක්‍රියා 2:5-8
ක්‍රියා 2:5-8 SNRV
එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය. මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ. ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, “බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද? අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද?

