3 ජොහන් 1:9-12

3 ජොහන් 1:9-12 SNRV

මම සභාවට ලිපියක් ලීවෙමි. එහෙත් සභාවේ නායකත්වය පතන දියොත්‍රෙපස් මට කිසිසේත් සවන් නොදෙයි. එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි. ප්‍රේමවන්තයෙනි, නපුර නොව යහපත ආදර්ශ කරගන්න. යහපත කරන්නා දෙවියන් වහන්සේගේ දරුවෙකි; නපුර කරන්නා දෙවියන් වහන්සේ නුදුටුවෙකි. දෙමෙත්‍රියස් ගැන සියල්ලෝ ම හොඳ කියති. සත්‍යයත් ඔහුට සාක්ෂි දරයි. මමත් එසේ ම සාක්ෂි දරමි. අපේ සාක්ෂිය සැබෑ බව ඔබ දන්නහු ය.