දෙවියන් වහන්සේ යුක්තිය ඉටු කරමින්, ඔබට දුක් දෙන්නන්ට දුක ද, දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය. එවිට ගිනි ජාලා ඇති වේ. දෙවියන් වහන්සේ අඳුනාගන්නේ නැති අයටත්, අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන අයටත් උන් වහන්සේ දඬුවම් කරන සේක. ඔව්හු සමිඳාණන් වහන්සේගේ අභිමුඛයෙන් ද, උන් වහන්සේගේ තේජාන්විත ප්‍රතාපයෙන් ද ඉවත් කරනු ලැබ, සදාතන විනාශයේ දඬුවම විඳින්නෝ ය. මෙය සිදු වන්නේ උන් වහන්සේ සියලු සැදැහැවතුන්ගෙන් මහිමයත්, සියලු ඇදහිලිවතුන්ගෙන් ගෞරවයත් ලැබීමට පැමිණෙන ඒ දවසේ දී ය. අප ඔබ වෙත ගෙන ආ පණිවුඩය ඔබ ඇදහූ බැවින් ඔබත් ඒ ගණයට ඇතුළත් ය. අප ඔබ ගැන නිතර ම යාච්ඤා කරන්නේ ඒ නිසා ය. දෙවියන් වහන්සේගේ කැඳවීමට ඔබ සුදුස්සන් වන ලෙසත්, උන් වහන්සේගේ බලයෙන් යහපතට ඇති ඔබේ ආශා සියල්ල ඉටු කර, ඇදහිල්ලේ ක්‍රියාවන් සම්පූර්ණ කරන ලෙසත්, අපි යාච්ඤා කරමු. තවද අපගේ දෙවියන් වහන්සේගේ ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ද වරප්‍රසාදය කරණකොටගෙන අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමය ඔබ අතර ගෞරවයට පැමිණෙන පිණිස ද, ඔබ උන් වහන්සේගෙන් ගෞරවය ලබන පිණිස ද, අපි යාච්ඤා කරමු.
2 තෙසලෝනික 1 කියවන්න
සවන් දෙන්න 2 තෙසලෝනික 1
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 2 තෙසලෝනික 1:6-12
3 Days
This 3-day devotion series, shared by The Lutheran Home Association’s chaplains, focuses on how we benefit from knowing and understanding the confidence we should have in the Lord.
Written shortly after 1 Thessalonians, Paul’s second letter continues to encourage the Thessalonian church by admonishing them to stand firm on the truth (2 Thessalonians 2:15). As Paul instructs the church about the coming of Christ, we are reminded to be made worthy of God’s calling and fulfill all the good works of faith.
This plan offers a 3-day journey through the book of 2 Thessalonians, making it ideal for both individual and group study.
5 Days
Jezebel is characterized as totally evil in the Bible. No one wants to be called a Jezebel, and definitely, no one would call their daughter that name. In this 5-day devotional, learn about the importance of being careful about the person whom you marry, the importance of biblical roles in marriage, the danger of scheming your way through life, and the consequences of living a wicked life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ