2 රාජාවලිය 15:33-34

2 රාජාවලිය 15:33-34 SNRV

විසිපස් අවුරුදු වයසේ දී ඔහු රජ වී ජෙරුසලමේ දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය. ඔහුගේ මවුගේ නම ජෙරුෂා ය. ඈ ශාදොක්ගේ දුවකි. ජෝතාම් සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කරමින් තමාගේ පියා වූ උශ්ශියා කළ සියල්ල ලෙස කෙළේ ය.