2 වංශාවලිය 14
14
ආසා රජකමට පැමිණීම
1මෙසේ අබියා මියගිය පසු දාවිත්ගේ නුවර තැන්පත් කරනු ලැබුවේ ය. ඔහුගේ පුත්‍ර වූ ආසා ඔහු වෙනුවට රජ විය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශයේ සාමය පැවතිණි. 2ආසා තම දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය. 3මන්ද, ඔහු විදේශීය පූජාසන ද ගිරිකුළු දේවාල ද පහකොට, රූපස්තම්භ බිඳ, අෂේරා කප් කණු ද කපා දැමුවේ ය. 4තවද, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ද ව්‍යවස්ථාව හා ආඥාව පිළිපදින්න ද ජුදාවරුන්ට ඔහු අණ කෙළේ ය. 5ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි. 6තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය. 7ඔහු ජුදාවරුන්ට කතා කොට, “අපි මේ නගර ගොඩනඟා, අවට පවුරු ද කොටු ද දොරටු ද අගුල් ද සාදමු. අප විසින් අපේ දෙවි සමිඳාණන් වහන්සේ සොයනු ලැබූ බැවින් දේශය තවම නිරවුල් ව අප ඉදිරියෙහි තිබේ. අපි උන් වහන්සේ සෙවුවෙමු. උන් වහන්සේ ද හැම අතින් ම අපට සාමය දී තිබේ ය”යි කීවේ ය. මෙසේ ඔව්හු නගර ගොඩනඟමින් සමෘද්ධිමත් වූවෝ ය. 8ජුදාවරුන්ගෙන් පලිස් සහ හෙල්ල දරන තුන්ලක්ෂයකින් ද බෙන්ජමින්වරුන්ගෙන් පලිස් දරන දුනු ගත් දෙලක්ෂ අසූදහසකින් ද යුක්ත වූ සේනාවක් ආසාට සිටියහ. මේ සියල්ලෝ බලවත් වික්‍රමාන්විත මනුෂ්‍යයෝ වූ හ.
9ඔවුන්ට විරුද්ධ ව කුෂ්හි ශෙරා දසලක්ෂයක් සෙනඟ ද රථ තුන්සියයක් ද අඩංගු වූ සේනාවක් ඇති ව පිටත් වී මාරේෂා දක්වා පැමිණියේ ය. 10ආසා වනාහි ඔහුට විරුද්ධ ව සටනට ගියේ ය. එවිට මාරේෂාහි ශෙපාතා මිටියාවතෙහි ඔව්හු යුද්ධයට සැරසී සිටගත්හ. 11ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.
12සමිඳාණන් වහන්සේ ආසා සහ ජුදාවරුන් ඉදිරියෙහි කුෂ්වරුන් පැරද වූ සේක. කුෂ්වරු පලා ගියෝ ය. 13ආසා ද ඔහු සමඟ සිටි සෙනඟ ද ගෙරාර් දක්වා ලුහුබැඳ ගියෝ ය. කුෂ්වරුන්ගෙන් කිසිවෙකු ජීවත් ව ඉතුරු නොවන ලෙස ඔව්හු මැරුම්කෑහ. මන්ද, ඔව්හු සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේගේ සේනාව ද ඉදිරියෙන් විනාශ කරනු ලැබුවෝ ය. ඔව්හු ඉතා මහත් කොල්ලයක් ද රැගෙන ආවෝ ය. 14ගෙරාර් නගරය අවට සියලු නගරවලට ඔව්හු පහර දුන්නෝ ය. මන්ද, සමිඳාණන් වහන්සේ කෙරෙන් ඔවුන් පිට භීතියක් පැමිණි බැවින් ඔව්හු ඒ සියලු නගර කොල්ලකෑවෝ ය. ඒවායේ බොහෝ කොල්ලය තිබිණි. 15ඔව්හු සිවුපාවුන්ගේ මඩුවලටත් පහර දී බොහෝ බැටළුවන් ද ඔටුවන් ද අල්ලාගෙන ජෙරුසලමට හැරී ආවෝ ය.
දැනට තෝරාගෙන ඇත:
2 වංශාවලිය 14: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: