1 සාමුවෙල් 21
21
දාවිත් සාවුල් වෙතින් පලා යෑම
1 #
මතෙ 12:3-4; මාක් 2:25-26; ලූක් 6:3 දාවිත් නොබ්හි අහිමෙලෙක් නම් පූජකයා වෙත පැමිණියේ ය. අහිමෙලෙක් දාවිත් සමුවන්නට වෙවුලමින් අවුත්, “කිසිවෙකු ඔබ සමඟ නැතිව ඔබ මෙහි තනියම ආවේ මන්දැ”යි ඔහුගෙන් ඇසුවේ ය.
2දාවිත් පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන්ගේ කටයුත්තක් සඳහා මම මෙහි ආවෙමි. එතුමා මා එවුවේ මන්දැ යි කිසිවෙකු දැන නොගන්න ලෙස වගබලා ගන්නැ යි මට අණ කෙළේ ය. මිනිසුන් සම්බන්ධයෙන් නම්, මා නියම කළ ස්ථානයක මා හමු වන්නැ යි මම ඔවුන්ට කීවෙමි. 3දැන් ඔබ ළඟ තිබෙන්නේ මොනවා ද? මට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුන මැනවැ”යි අහිමෙලෙක් නම් පූජකයාට කීවේ ය.
4පූජක තෙම දාවිත්ට පිළිතුරු දෙමින්, “ශුද්ධ පූප මිස වෙන පූප මා ළඟ නැත: සේවකයෝ ස්ත්‍රී සේවනයෙන් වැළකී සිටියෝ නම්, ඒවා දෙන්නට පුළුවනැ”යි කීවේ ය.
5දාවිත් ඔහුට පිළිතුරු දෙමින්, “සැබැවින් ම අපි යම් ව්‍යාපාරයකට එළඹෙන විට ස්ත්‍රීහු අපෙන් වෙන් ව සිටිති. සාමාන්‍ය ව්‍යාපාරයක වුව ද සේවකයන්ගේ ශරීරය ශුද්ධ ව තිබෙන්නේ ය. එසේ නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් අද ඔවුන්ගේ ශරීරය ශුද්ධ නොවන්නේ දැ”යි ඔහුට කීවේ ය.
6 #
ලෙවී 24:5-9
එවිට සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් අහකට ගන්න ලද පිදුම් පූප මිස වෙන පූප එහි නොතිබුණ බැවින් පූජකයා ශුද්ධ පූප ඔහුට දුන්නේ ය. ඒවා අහකට ගන්න ලද්දේ, එම දවසේ දී ම ඒවා වෙනුවට උණු රොටි තබන පිණිස ය.
7තවද, ඒ දවසේ දී සාවුල්ගේ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු වූ ඔහුගේ එඬේරුන්ගේ ප්‍රධානියා වන දොවෙග් නම් ඒදොම් වැසියෙකු වන මිනිසෙක් ආගමික යුතුකමක් ඉටු කරන පිණිස එහි නැවතී සිටියේ ය.
8දාවිත් අහිමෙලෙක්ට කතා කොට, “මට දෙන්නට ඔබ ළඟ හෙල්ලයක් හෝ කඩුවක් හෝ තිබේ ද? රජ්ජුරුවන්ගේ අණ පරිදි නොපමා ව පිටත්වන්නට සිදු වුණ බැවින් කඩුවක් වත්, ආයුධයක් වත් මම නොගෙනාවෙමි”යි කීවේ ය.
9 #
1 සාමු 17:51
පූජක තෙම පිළිතුරු දෙමින්, “ඔබ ඒලා මිටියාවතේ දී මැරූ පිලිස්තියයා වූ ගොලියත්ගේ කඩුව මා ළඟ ඇත. එය රෙද්දකින් ඔතා ඒපොද් සැට්ටයට එහායින් තබා තිබේ. ඒක ගන්නට කැමැති නම් අරගන්න. ඒක මිස අන් කඩුවක් නැතැ”යි කීවේ ය. දාවිත් පිළිතුරු දෙමින්, “ඊට සමාන අන් කඩුවක් නැත, ඒක මට දෙන්නැ”යි කීවේ ය.
10දාවිත් පිටත් වී සාවුල්ට බියෙන් ඒ දවසේ පලා ගොස් ගාත්හි රජ වූ ආකීෂ් වෙත පැමිණියේ ය. 11#1 සාමු 18:7; 29:5ආකීෂ්ගේ සේවකයෝ රජු අමතා, “මොහු සිය දේශයෙහි රජ වූ දාවිත් නොවේ ද?
‘මැරී සාවුල්, දහස් ගණනක් මැරී දාවිත් දස දහස් ගණනක් යැ’යි
කියමින් ස්ත්‍රීන් නටමින් එකිනෙකාට ගී කීවේ මොහු ගැන නොවේ දැ”යි කීවෝ ය. 12#ගීතා 56දාවිත් ඒ වචන සිතට ගෙන ගාත්හි රජ වූ ආකීෂ්ට බොහෝ සේ බිය විය. 13#ගීතා 34ඒ නිසා ඔහු ඔවුන් ඉදිරියෙහි ඔල්මාද වූවෙකු මෙන් හැසිරිණි; ඔවුන් ඔහු දමනය කරන්නට උත්සාහ කරන විට ඔහු පිස්සෙකු මෙන් ක්‍රියා කෙළේ ය; වාසල් දොර පහුරු ගෑවේ ය; තමාගේ කෙළ රැවුල දිගේ වැගිරෙන්න හැරියේ ය. 14එවිට ආකීෂ් තමාගේ සේවකයන්ට කතා කොට, “මේ මිනිසා පිස්සෙකු බව ඔබට පෙනෙන්නේ නැද් ද? ඔබ ඔහු මා ළඟට ගෙනාවේ කුමට ද? 15මා ඉදිරියෙහි පිස්සු විකාර කරන්නට මොහු ගෙනාවේ පිස්සන් මට හිඟ නිසා ද? මොහු මාගේ ගෙට එන්නට යුතු දැ”යි කීවේ ය.
දැනට තෝරාගෙන ඇත:
1 සාමුවෙල් 21: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: