1 මකබිවරු 16
16
සීමොන්ගේ පුත්‍රයන්ගේ ජයග්‍රහණය
1එකල ජොහන් ගේශෙර් නුවරින් පිටත් වී ගොස් සෙන්ඩෙබේයස් කඩිනම් ව කරන දේ ගැන තම පියා වන සීමොන්ට සැළ කෙළේ ය. 2එවිට සීමොන් තමාගේ වැඩිමහල් පුත්‍රයන් දෙදෙනා වන ජූදස් සහ ජොහන් කැඳවා ඔවුන්ට කතා කොට: “අපේ තරුණවියේ පටන් අද දක්වා මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙවැසියෝත් මමත් ඉශ්රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධ ව සටන් කෙළෙමු. අප විසින් මෙහෙයවන ලද යුද්ධ ව්‍යාපාර සාර්ථක විය. බොහෝ වාරයක් අපි ඉශ්රායෙල් ජනතාවට විමුක්තිය ලබා දුනිමු. 3එහෙත් මම දැන් මහල්ලෙක්මි. දේව කරුණාවෙන් ඔබ නම් මේරු තරුණ වියේ සිටින අය ය. මාගේ ද මාගේ සහෝදරයන්ගේ ද ස්ථානය ගෙන නික්ම ගොස් ජාතිය උදෙසා සටන් කරන්න. ස්වර්ගයේ පිහිට ඔබ සමඟ වේ වා!”යි කීවේ ය.
4ඉන්පසු ඔහු සෙනඟ අතරෙන් විසි දාහක යුද්ධ භටයන් සහ අශ්ව සේනාවක් වෙන් කළ විට මොවුහු සෙන්ඩෙබේයස්ට විරුද්ධ ව සටනට ගොස් මොදෙයින් නුවර රාත්‍රිය ගත කළහ. 5ඔවුන් අලුයමින් ම අවදි වී මිටියාවතට ගමන් කළ විට ඔවුන්ට විරුද්ධ ව සටන් කරන පිණිස පාබළ සේනා සහ අශ්ව සේනා සහිත අති විශාල යුද්ධ හමුදාවක් ආහ. එහෙත් දෙපක්ෂය අතර ඔයක් තිබුණේ ය. 6සතුරු හමුදාවට මුහුණ ලා සටන් කරන පිණිස ජොහන් තම සෙනඟ නවතා ලූ නමුත්, සෙනඟ ඔය හරහා යාමට බියෙන් සිටි බව දුටු විට, ඔහු ම පළමුවෙන් ඔයෙන් එගොඩ වූයේ ය. මෙය දුටු ඔහුගේ සෙනඟ ද එයින් පසු ඔය තරණය කළහ. 7සතුරාගේ අශ්ව සේනාව ඉතා විශාල වූ බැවින් ඔහු තමාගේ පාබළ සේනාව, අශ්ව සේනාව මැදි කොට දෙකොටසකට බෙදුවේ ය. 8හොරණෑ පිම්බ විට සෙන්ඩෙබේයස් සහ ඔහුගේ හමුදාව පරදවා පලවා හරිනු ලැබූ හ. බොහෝ දෙනෙක් බිහිසුණු ලෙස තුවාළ වී වැටුණෝ ය. සෙස්සෝ බලකොටුවෙහි සැඟවුණහ. 9ජොහන්ගේ සහෝදරයා වූ ජූදස් තුවාළ ලැබුවේ එවිට ය. එහෙත්, සෙන්ඩෙබේයස් ශක්තිමත් කර තිබුණු කෙද්‍රොන් දක්වා යන තෙක් ම ජොහන් සහ පිරිස ඔහු ලුහුබැඳ ගියහ. 10ඔව්හු අසෝතස්හි ගම්බද පෙදසේහි වූ මුර අට්ටාල දක්වා පලා ගියහ. එවිට ජොහන් ඒවා ගිනිබත් කෙළේ ය. සතුරු හමුදාවෙන් දස දහසක් පමණ සෙනඟ මිය ගියහ. ජොහන් ද සුව සේ ජුදාවට හැරී ආයේ ය.
සීමොන්ගේ හදිසි මරණය
11ජෙරිකෝ මිටියාවතෙහි යුද කොමසාරිස් වශයෙන් අබුබුස්ගේ පුත් ටොලමි පත් කර තිබුණි. රන් රිදී විශාල තොගයක් ඔහු සතු විය. 12තවද ඔහු නායක පූජකතැනගේ බෑණා ද විය. 13යශස්කාමයෙන් උද්දාම වී සිටි ඔහු මුළු දේශයෙහි ම අධිපතියා වීමේ බලාපොරොත්තුවෙන් යුතු ව සීමොන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ විනාශය ගැන කුමන්ත්‍රණ කරන්නට විය. 14දේශයෙහි දිගට හරහට එහි නගර සෝදිසි කර බැලීමෙහි යෙදෙමින් ඒවායේ පාලන කටයුතුවල නිරත වූ සීමොන් ඔහුගේ පුත්‍රයන් වන මතතියස් සහ ජූදස් සමඟ වර්ෂ එකසිය හැත්තෑ හතේ, ෂෙබෙත් නම් එකොළොස් වන මාසයේ ජෙරිකෝ නුවරට පැමිණ සිටියේ ය. 15අබුබුස්ගේ පුත්‍රයා ද තමා විසින් ඉදි කරවන ලද ඩොක් නමැති කුඩා බලකොටුවකට උපායකින් ඔවුන් ගෙන ගියේ ය. එහි මිනිසුන් සඟවා තබා, මෙසේ සීමොන් සහ ඔහුගේ පුත්‍රයන් එහි කැඳවාගෙන ගිය ඔහු එහි දී ඔවුන්ට මංගල භෝජනයක් පිළියෙළ කෙළේ ය. 16සීමොන් සහ ඔහුගේ පුත්‍රයන් වෙරිමත් වූ පසු ටොලමි ඔහුගේ මිනිසුන් සමඟ පැන අවුත් ඔවුන්ගේ අවිආයුධ පැහැරගෙන සීමොන් ද ඔහුගේ පුත්‍රයන් ද ඔහුගේ සේවකයන්ගෙන් සමහර දෙනෙකු ද එම භෝජන ශාලාව තුළ ම මරාදැමී ය. 17මෙසේ ඔහු යහපත වෙනුවට අයහපතක් කරමින් මහා ද්‍රෝහි අපරාධයක් කෙළේ ය. 18ඉන්පසු ටොලමි මේ කරුණු පිළිබඳ වාර්තාවක් රජු වෙත යැවූ විට තමාට ආධාර පිණිස බළ ඇණි එවා නගර සහ පළාත භාර දෙනු ඇත යන බලාපොරොත්තුවෙන් යුතු ව, රජු වෙත වාර්තාවක් ලියා යැවී ය. 19තවද ඔහු ජොහන් මරා දමනු පිණිස ගේශෙර් නුවරට තවත් මිනිසුන් යවා, යුද සෙන්පතිට ද තමා වෙත පැමිණ රන් රිදී තෑගිබෝග ලබාගන්න ලෙස ලිපි මඟින් දන්වා හැරියේ ය. 20ජෙරුසලම සහ දේව මාලිගා කන්දත් අයිති කරගන්න පිණිස ඔහු තවත් මිනිසුන් යැවී ය. 21එහෙත් කෙනෙකු කඩිනම් වී ගේශෙර්හි සිටි ජොහන්ට පණිවුඩයක් යවමින්, ඔහුගේ පියාත්, සහෝදරයනුත් මරනු ලැබූ බව ද ජොහන් ද මැරීමට ටොලමි යම් අය එවන බව ද කියා කල් ඇති ව දන්වා තිබිණි. 22ජොහන් මෙකී පුවතින් විස්මයට පත් විය; මිනීමැරීමේ අදහස ගැන ඔහු කලින් දැනගෙන සිටි බැවින්, තමා මරනු පිණිස පැමිණි ඒ මිනිසුන් අත්අඩංගුවට ගෙන ඔවුන් මරුමුවට පත් කෙළේ ය.
23ජොහන්ගේ අනික් ක්‍රියා ද ඔහු කළ සටන් ද ඔහු කළ වීර ක්‍රියා ද ගොඩනැඟුවාවූ නගර ප්‍රාකාර ද ඔහුගේ අනිත් සියලු ම දස්කම් ද 24ඔහුගේ පියාගේ ඇවෑමෙන් නායක පූජක පදවියට පත් වූ දින සිට ඔහු ගෙනගිය පාලන කාලය පිළිබඳ පුරාවෘත්ත ග්‍රන්ථයන්හි වාර්තා කර තිබේ.
දැනට තෝරාගෙන ඇත:
1 මකබිවරු 16: SNRV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න

: