1 ජොහන් 5:6-13
1 ජොහන් 5:6-13 SNRV
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි. එබැවින් සාක්ෂි තුනක් ඇත: ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත. අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නම්, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහාගන්නාට තමා තුළ ම සාක්ෂිය ඇත. දෙවියන් වහන්සේ අදහානොගන්නා, උන් වහන්සේ තමන් පුත්‍රයාණන් පිළිබඳ ව දී ඇති සාක්ෂි විශ්වාස නොකරන බැවින්, උන් වහන්සේ බොරුකාරයෙකු කරයි. ඒ සාක්ෂිය නම්, දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත්, ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත් ය. පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත. මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණිස ය.

