1 වංශාවලිය 17:3-8

1 වංශාවලිය 17:3-8 SNRV

එහෙත්, එම රාත්‍රියේ ම දෙවියන් වහන්සේගේ වචනය නාතාන්ට පැමිණ කියනුයේ, “නුඹ ගොස්, ‘සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ’යි මාගේ මෙහෙකරු වූ දාවිත්ට කියන්න; ‘මාගේ වාසය පිණිස නුඹ මාලිගාවක් ගොඩ නොනඟන්නෙහි ය. මන්ද, මම ඉශ්රායෙල්වරුන් ගෙනා දවස පටන් අද දක්වා මාලිගාවක වාසය නොකොට, කූඩාරමෙන් කූඩාරමට ද මණ්ඩපයෙන් මණ්ඩපයට ද යමින් හැසුරුණෙමි. මාගේ සෙනඟ පාලනය කරන්න මා විසින් අණ කරන ලද ඉශ්රායෙල් වීර නායකයන්ගෙන් යමෙකුට කතා කොට, නුඹලා මට කිහිරි ලී මාලිගාවක් ගොඩනොනැඟුවේ මක්නිසා ද යන වචනයක් සියලු ඉශ්රායෙල්වරුන් අතරෙහි මා ආ ගිය කොයි ස්ථානයක දී වත් කීවෙම් ද?’ “එබැවින් මාගේ මෙහෙකරු වන දාවිත්ට මෙසේ කියන්න; ‘සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක: මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා නුඹ වන පිණිස තණ බිමෙන් ද බැටළුවන් රැකබලාගැනීමෙන් ද මම නුඹ වෙන් කොට ගතිමි. නුඹ ගිය හැම තැන්හි ම මම නුඹ සමඟ සිට, නුඹේ සියලු සතුරන් නුඹ ඉදිරියෙන් පන්නා දැමීමි; පොළොවේ සිටින උත්තමයන්ගේ යසෝ කීර්තිය වැනි යසෝ කීර්තියක් නුඹට දෙන්නෙමි.

මෙයට අදාළ වීඩියෝ

1 වංශාවලිය 17:3-8 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය